2019 මැයි 18 වන සෙනසුරාදා

වැඳලා කියන්නලු යන්නෙ

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 881

කවදත් තමන්ගෙ නිදහස් අදහස් උදහස් ලාභ පාඩු නොබලාම කියල දාන මැංගිගේ සිංහල බෞද්ධ කතාව අහපු එජාපයේ සමහර තරුණ මන්ත්‍රීවරැන්ට මල පැනලලු. තැන් තැන්වල කුටු කුටු ගාන මේ හාදයෝ ටික කියනවලු පාරේ බැහැලා යන්න බෑ කියලා. අවසානයේ කට්ටිය මැංගිටම ලියමනක් දෙන්න තීන්දුවකට ඇවිල්ල.

මේ ලියමනේ කොපියක් නායක තැනටත් දෙන්නලු යන්නේ. මේ ලියමනේ අවසානය තමයිලු හොඳම ටික තියෙන්නේ. ඔබතුමා කුමක් කීවත් අපට නම් ජාතියක් ආගමක් ඇත. අපේ පාක්ෂිකයන්ටද එසේමය. වැටී සිටින වළෙන් ගොඩ එනවා වෙනුවට තව තවත් වළට බසින්නම ට්‍රයි කරන්නේ නම් නැවතත් අපට ආණ්ඩුවක් නොව විපක්ෂයක් උරුම වනු ඇත. ඒ උරුමය අපට ලබා නොදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මේ ලියමන දීලා දණ ගහලා වැඳලම එමුයි කියලලු කට්ටිය කතා වුණේ.