2019 මැයි 18 වන සෙනසුරාදා

තේ කෝප්පෙ කුණාටුව

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 581

විශ්වාසෙ භංග වෙච්ච බවට ආණ්ඩුවෙ එක්තරා දේශපාලන ලොක්කකුට විරුද්ධව ගේන්න යන යෝජනාව ගැන ඒකාබද්දෙ ඇතුළෙ තේ කෝප්පයේ කුණාටුවක් පටන් අරන් තිබුණ කියල ආරංචියි.

සමහරැ මේ වැඩේට එක පයින් කැමැත්ත දුන්නත් තවත් අය ඒකෙන් සිද්ධවෙන්නෙ අලුත් වීරයන් බිහි කිරීමක් කියල කීවලු...

ඒ අතරෙ රතන හිමිත් මේ කාරණේටම බැහැල. ඒ සමඟ කතන්දරේ ටිකක් ඉලාස්ටික් වෙලා කියලත් දැනගන්න තියෙනව. මිණිපුරේ රංජිත්ල එහෙම මේක කරනවට අමනාපලු... කොහොමින් කොහොම හරි මේ ගැන ඒකාබද්දෙ වෙච්ච කතාබහකදි යෝජනාවට සහාය ගන්න පුළුවන් මැතිසබා කස්ටිය ගැන ගණන් කිරීමකුත් කළාලු.

එක එක විදියට ගණන් දාල බලපු සමහරැ අන්තිමට යෝජනා කළේ විශ්වාසභංග කාරණේද ඒකබද්දෙ මැදිහත් නොවී රතන හිමිගෙ මල් වට්ටියටම අත ගහන එක හොඳයි කියලලු...

ඒත් ඒ යෝජනාවට මේ වැඩේට බැහැල ඒක අතට අරන් ඉන්න උදවියගෙ මනාපෙ හම්බුවෙලා නැහැල්ලු... එම සගයන්ගෙ වුවමනාව මේක ඒකාබද්දෙට ලකුණු වැටෙන විදියටම කරන්න ඕන කියන එකලු... නමුත් විපක්ෂ නායක හිටපු ලොකු තැන කිව්වෙ මන්ත්‍රී කණ්ඩායමේ පොදු කැමැත්ත අරගෙන යෝජනාව ගේන්න කියලයි. කොහොමහරි දැන් යෝජනාව ගෙනල්ල ඒකෙන් අලි පාටියෙ මන්තිරිගොල්ල සෑහෙන අමාරැ තැනකට වැටිලලු....

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00