2019 මැයි 11 වන සෙනසුරාදා

ප්‍රතිරූපය නැග්ගිල්ල

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 978

පසුගිය දවසක සිදු වූ මහා ඛේදවාචකයෙන් මියගිය උදවියට පින් පැමිණවීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක පින්කමක් තිබුණා. ඒ මහා පින්කම සඳහා පළාතෙ පක්ෂ විපක්ෂ දේශපාලන භවතුන් ගණනාවක්ම ඇවිත් හිටියා...

ප්‍රධාන ආරාධිතය වුණේ රටේ ඉහළම තනතුරක් දරන ලොකු මහත්තයෙක්... උන්නැහේ පින්කමට ඇවිත් බොහොම ශ්‍රද්ධාවන්තව දාන මාන සිදුකරල පුණ්‍යානුමෝදනා පින්කමටත් සහභාගි වුණා...

ඊට පස්සෙ එතැන හිටපු ආණ්ඩුවෙ දේශපාලන භවතුන් එක්ක පැමිණි ලොකු මහත්තය පොඩි කතාවකට වැටුණා... මේ කතාවට සහභාගි වුණු එතන හිටපු කොළඹ පළාතෙ දේශපාලකතුමෙක් පවතින තත්ත්වය ගැන ලොකු මහත්තයට විග්‍රහයක් කරන්න පටන් ගත්තා...

දැන් සර් ඇත්ත මේකයි. පසුගිය කාලෙ තිබුණු තත්ත්වෙ හැටියට ඔබතුමාගෙ ප්‍රතිරූපෙ තරමක් පසුබැහැලනේ තිබුණෙ... හැබැයි මේ සිද්ධියේදි ඔබතුමා වැඩ කළ විදිය නිසා එහෙම තිබුණු තමුන්නාන්සෙගෙ ප්‍රතිරෑපය දැන් උසස්ම තැනට පත්වෙලා... කියල අත උස්සල පෙන්වමින් පොඩි රඟපෑමකුත් කළා...

මේ විග්‍රහය කළේ එක්තරා ක්‍රීඩාවක් ගැන කියනකොටම නම මතක් වෙන කොළඹ පළාතෙ දේශපාලුතුමෙක් උන්නැහේට ගිය පාර මහ ඡන්දෙන් පත්වෙන්න බැරිවුණත් ලැයිස්තුවෙ පිහිටෙන් තමයි කවුන්සිලේට ආවෙ...

එහෙම ආපු උන්නැහේ මේ විදියට කළ විග්‍රහය ගැන එතන හිටපු විපක්ෂයෙ උදවිය කළ නිග්‍රහය ගැන නම් මේ සටහනේ ලියන්න අමාරුයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00