2019 මැයි 11 වන සෙනසුරාදා

ආ... සහෝදරයා කොහොමද?

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 611

ඒකාබද්දෙ මල් මන්තිරිතුමාට හැමදාම පුතා කියල කතා කරපු කොළඹ දිසාවෙ ජ්‍යෙෂ්ඨයෙක් වන බන්දුල ගුරුතුමා... මෙදා පාර විපක්ෂ මන්තිරි කණ්ඩායම් රැස්වීම ඉවරවෙලා අල්ලාප සල්ලාපෙ යෙදෙද්දි අමුතු විදියකට ආමන්ත්‍රණය කළා කියලා එක කතාවයි...

වෙනද තමන්ට පුතා කියලා කතා කරන බන්දුලතුමා මේ පාර මල්ට කතා කළේ ආ... මල් සහෝදරය... කොහොමද? කියලලු... මේක අහපු මල් මන්ත්‍රී තැන පුදුමෙන් වගේ බලාගෙන ඉන්න ගමන් ඇහුව මට මෙච්චර කල් පුතා කියපු මෙතුමා එකපාරටම සහෝදරය කිව්ව... මොකද මේ වෙනස... කියලා...

ඒ කතාව අහගෙන එතන හිටපු අනිත් මන්ත්‍රී කස්ටියටත් මේක මේක පුදුමයක්. බන්දුලතුමා නිහඬව උත්තර නොදී බලා ඉඳිද්දී නුවර පැත්තෙ කටකාර මන්තිරි කෙනකුයි... දකුණෙ බරසාර කතා කියන මන්තිරි කෙනකුයි එකපාරටම විහිළුවට වගේ ඒ ගැන කිව්වෙ... දැන් බන්දුල ශූරීහුත් තරැණ කණ්ඩායමේනේ... කියලයි. 

ඒකට කවුරුත් හිනාවුණු නමුත් කවුරුවත් අර්ථකථන දෙන්න ගියේ නැහැ...