2019 මැයි 11 වන සෙනසුරාදා

පුංචිම කාර් එකින් ලොකු තැනකට

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 567

පුංචිම වාහනේකින් රටේ ලොකුම මන්දිරේකට රහසින් සම්ප්‍රාප්ත වුණු දේශපාලන ලොක්කෙක් ගැන පසුගිය දවස්වල තිරය පිටුපස ලොකු කතාවක් ගියා...

මෙහෙම ලොකුම මන්දිරේකට ගියේ අලි පාටියෙ දේශපාලන භවතෙක් කියලයි තතු දත් අය කියන්නෙ...

උන්නැහේලත් කාලයක් මේ රටේ ලොකුම තැන්වල හිටපු අය...

මෙයා තවත් තමන්ට හිතවත් ආයතන ප්‍රධානියකුත් එක්ක පුංචිම කාර් එකක නැගලා ලොකුම මන්දිරේකට රහසින් වගේ ගමන් කළේ ඇයිද කියල හුඟ දෙනෙක් කුතුහලයෙන් බලන්න පටන් ගත්තා...

මේ ගමනෙදි රටේ දේශපාලන අනාගතය ගැනත් තම තමන්ගෙ පක්ෂවල අනාගතය ගැනත් දීර්ඝ කතාබහක් සිදු වූ බව පමණයි අපි දන්නෙ...

බොහොම ප්‍රේමණීය සුහද හමුවක් වුණු මේකෙදි සැබෑවටම සිද්ධ වුණේ මොනවද කියලා දෙපැත්තෙම කස්ටිය දැන් සැටලයිට් දාලා සොයනවලු...

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00