2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ෆයිල්වලට ඇමක්

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 653

ආණ්ඩුවෙ එක්තරා සංස්ථාවක ඉහළ මට්ටමේ නිලධාරියකුට ආණ්ඩුවෙම ප්‍රබල ඇමැති සයිස් මහත්තයකුගෙන් රහසිගත පණිවුඩයක් ලැබුණා. හැබැයි මේ ඇමැතිතුමා මේ විෂය භාර ඇමැතිතුමා නම් නෙවෙයි...

උන්නැහේට භාර රටේ පසුගිය කාලෙ ජනතාව වැඩිපුරම කතාකරපු නැත්නම් බැනපු විෂයක්.... මෙයා අර ජ්‍යෙෂ්ඨ නිලධාරියට ඉතා සුහදව කතාකරල විශේෂ යෝජනාවකුත් කරල ඉල්ලීමක් කළාලු...

ඒ ඉල්ලීමෙන් කියැවුණේ මේ ආයතනයේ විෂය භාරව ඉන්න දේශපාලන ලොක්කගෙ වියදම් ඇතුළත් ලිපිගොනු කිහිපයක් තමන්ට ලබාදෙන්න කියල බවයි අපට තොරතුරු ලැබුණෙ...

අහස උසට ඉදිකිරීම් කරන මේ ආයතයේ ප්‍රබල නිලධාරියා තමන්ගෙන් කළ මේ ඉල්ලීමෙන් අන්දුන් කුන්දුන් වෙලා ගියාලු...

මේ දේශපාලන ලොක්කත් විෂය භාර ලොක්කත් අතර ඇතිවෙලා තියෙන ප්‍රබල දේශපාලන ආරෝවක් නිසා මේ ලිපිගොනු ටික අරගෙන ඒකෙ තියෙන කරුණු කාරණා උන්නැහේටත් විපක්ෂෙ අයටත් ලබාගැනීම මෙකී ඉල්ලීමෙ සැබෑ අරමුණ බව අර නිලධාරියට ඉවෙන් වගේ දැනුණා...

ඉල්ලීම ඉටුකළොත් මේක ඉල්ලල කරදර කරන ඇමැති තැනගෙන් හොඳට සැලකුම් ලැබෙන බව නිලධාරිය දැනගත්ත.... ඉතින් ඒ ඉල්ලීම එයා ඉටුකළාද නැත්ද කියන්න තවම අපි දන්නෙ නැහැ.... නමුත් වැඩිබර තිබුණෙ වැඩේ කෙරෙන්නයි....

කොළඹ සහ රුහුණෙ දෙන්නෙක්ගෙ දේශපාලන ආරවුල මේ තරම් දුරදිග ගියේ පක්ෂයෙ ලොකු පුටුවකට මේ දෙන්නම ඉව අල්ලන නිසා බවත් ආරංචියි.