2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මාර සංග්‍රහයක්

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 729

ආණ්ඩුවෙ අලි පාටියෙ ඉන්න ඉහළම නීති විශාරද දියවන්නා කවුන්සිල් මැම්බර් කෙනෙකුට රටේ ලොකු මහත්තයෙක් හම්බවුණාලු.....

මේ නීති විශාරදය ව්‍යවස්ථාවල් හදන්න ඒව ගැන කතා කරන්න දන්න කාලයක් වමේ දේශපාලනෙත් ඉඳපු උන්නැහේ කෙනෙක්....

උන්නැහේ යට කී ඉහළම රටේ තනතුරක් දරන මහත්තය හමුවුණ ගමන් එයාට මාර සංග්‍රහයක් හම්බවුණාලු. සිංහල භාෂාවෙ තියෙන මේකෙ ලියන්න බැරි වචනවලින් තමයි ඒ සංග්‍රහය හම්බවෙලා තියෙන්නෙ....

රටේ ඉහළම මන්දිරේකින් ගත්ත තීන්දුවක් ගැන තමන්ට ඕන විදියට විග්‍රහයක් කිරීම නිසයි එයාට මේ වාග් සංග්‍රාමයට මුහුණ දෙන්න සිද්ධ වුණේ....

තමන්ගෙ විග්‍රහයට හේතුවුණ කාරණා එයා පැහැදිලි කරන්න හැදුවත් ඉහළින් ඒකට කිසිම ඉඩක් ලැබිල නැහැ... විග්‍රහය කරන්න ගියාම තව තවත් සැර වචනවලින් ලැබුණෙ කර්කශ උත්තර බවයි තතු දත් අය කියන්නෙ....

පස්සෙ නීති විශාරදයට තමන්ගෙ ජීවිත කාලෙ කවදාවත් නොලැබුණ මේ අත්දැකීම නිහඬවම විඳ දරාගෙන ආපහු යන්න ගියා කියල එතන හිටපු අය කියනවා.