2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ජනාධිපතිට බැහැ කිවූ කස්ටම් බොස්

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 1608

අපි මේ කියන්න යන්නෙ මේ රටට විධායකේ හඳුන්වා දුන්න ජේ.ආර්. උන්නැහේගෙ කතාවක්. උන්නැහේ රටේ ලොක්ක වුණාම මැති ඇමැතිගොල්ල විතරක් නොවේ රජයේ නිලධාරින් බොහොම බය පක්ෂපාතිව රාජකාරි කළේ එතුමා මහ බලවතෙක් නිසයි.

මහ බලවතෙක් වෙච්ච ජේ.ආර්. තුමාට දවසක් පොඩි වැඩක් කරගන්න ඕන වුණා.

ඒ තමන්ගේ ගෙදර කාලයක් තිස්සෙ හිතවත්ව වැඩකරන ආයම්මගෙ තරුණ පුත්‍රයට රස්සාවක් හොයල දෙන්න... ඒ ඉල්ලීම උන්නැහේට කළේ එතුමාගේ මැතිනිය ජයවර්ධන ආර්යාව.. මැතිනිය තමන්ගෙන් කරන ඉල්ලීමක් කවදාවක් අහක නොදමන ජේ.ආර්. තුමා ඒ තරැණ ළමය කැඳවල එයා කැමැති රස්සාව මොකද්ද කියල ඇහුව.. තරුණය කිව්වෙ තමන් සාමාන්‍ය පෙළත් පාස් නිසා රේගුවෙ (කස්ටම් එකේ) රස්සාවකට කැමති බවයි.

“අහ් ඒක මොකද්ද අපි බලමු.” කියූ ජේ.ආර්. තුමා ඒ කාලේ හිටපු කස්ටම් ලොක්කට දුරකතන ඇමතුමක් දුන්න.

මේ කස්ටම් ලොක්ක ගාල්ල පැත්තෙන් ආපු පරණ දිසාපති කෙනෙක්. ජේ.ආර්. එයාට කිව්වෙ එදාම සවස තමන්ගෙ වෝඩ්පෙදෙස නිවසේදී මුණගැහෙන්න කියලයි. රටේ ජනාධිපතිතුමා අනපේක්ෂිතව කරපු මේ ආරාධනාව අනුව කස්ටම් ලොක්කා ජේ.ආර්. උන්නැහේගෙ ගෙදරට ගියේ හිතේ චකිතයෙන්.

ජනාධිපතිතුමත් එතුමගෙ මැතිනියත් කස්ටම් “බොස්” සාදරයෙන් පිළිගත්තා. 

ඊළඟට සුහද කතාබහ යන අතරෙ ජනාධිපතිතුමා තමන්ගෙ ඉල්ලීම ඉදිරිපත් කළේ “මේක කෙරෙන්න ඕන වැඩක්” බව සඳහන් කරමින්. ඒ ළමයගෙ සුදුසුකම් ගැන තොරතුරු කිව්වෙ ඊට පස්සෙයි. ඊළඟට කස්ටම් බොස් කිව්වෙ.. “සර් මට සමාවෙන්න... සාමාන්‍ය පෙළ සමත් වුණාට රේගුවට බඳවාගන්න බැහැ... ඒකට නීතියෙන් ඉඩක් නැහැ.. අපි අලුත් අය ගන්නේ තරග විභාගෙකින් ඒකට උසස් පෙළ අනිවාර්යයි.” කියල...

කස්ටම් බොස් රටේ විධායක ජනාධිපතිට වැඩේ බැහැයි කිව්වම ජේ.ආර්. ඇහුව “මේක කරන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැත්ද” කියල.

“තියනව සර් ක්‍රම දෙකක් කස්ටම් බොස් කිව්ව...”

“පළවෙනි එක සර්ල මට නීතිය වෙනස් කරල දෙන්න.. එහෙම නැත්නම් මම මේ ළමය රේගුවේ පියුන් කෙනෙක් හැටියට බඳවා ගන්නම්.. කාලයක් ඒ රස්සාව කළාම තරග විභාගෙට ඉල්ලන්න පුළුවනි. එයා ඇතුළේ සේවකයෙක් නිසා..”
තමන් ජනාධිපතිවෙලත් තමන්ගෙ මැතිනියගෙ මේ පුංචි ඉල්ලීම ඉටුකරන්න බැරිවීම ගැන ජේ.ආර්. අප්සෙට් වුණත් ඒක නොපෙන්වා මෙහෙම කිව්ව.

“කස්ටම් එකට පියන් කෙනෙක් දාන්න ජනාධිපති ඕන නැහැනේ. ඒත් මගේ වැඩේ කරගන්න ඕන නිසා රටේ නීතිය වෙනස් කරන්නත් බැහැ..”

මට නැවතත් සමාවෙන්න සර්.. මම කිව්වෙ නීතිමය තත්ත්වය කස්ටම් බොස් කිව්ව... “ඒක එහෙම නම් මුන්නැහේ කරදර වෙන්න එපා.. මම මේ ළමයට වෙන රස්සාවක් බලන්නම්... දැන් යන්න පුළුවනි. ඊට කලින් තේ එකක් බීල යන්න. ජේ.ආර්. කිව්ව...
මේ සිද්ධිය අප සමඟ කීවේ එම අත්දැකීම ලත් කස්ටම් බොස් විසින්මය.

ජේ.ආර්. ඊට පස්සෙ ඔබට කරදරයක් කළේ නැත්ද? මා ඔහුගෙන් ඊළඟට ප්‍රශ්න කළා..

කරදර කළේ නැහැ... බොහොම සුහද වුණා. කලකට පස්සෙ එතුමා වෙනත් රුස්වීමකදී මාව හමුවුණාම එතුමා මට කිව්ව “අයිෂෙ මම අර ළමයට හොඳ රස්සාවක් සොයල දුන්න කියලත්

කස්ටම් බොස් කතාව හමාර කරමින් කිව්ව...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00