2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ලොකු ලොක්කගෙන් කරපු අමුතු ඉල්ලීම

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 606

තොරතුරු පනත ආවා විතරයි ඔන්න එක්තරා ආණ්ඩුවෙ නොවන සංවිධානයක් ආණ්ඩුවෙ ලොකු ලොක්කො කීප දෙනෙක්ගෙන් ඒ අයගෙ වත්කම් බැරකම් ඉල්ලුවා කියලා ආරංචියක් පැතිරුණා...

රටේ ලොකු මහත්තුරුන් ඇතුළු කිහිප දෙනෙක්ගෙන් තමයි මේ සංවිධානෙ වත්කම් ඉල්ලලා තිබුණෙ...
රටේ ගනුදෙනු - විනිවිද පේන විදියට කරනවය කියන මේ සංවිධානෙ සමහර කටයුතු කියන තරම් විනිවිද පේන්නෙ නැහැ කියලත් පහුගිය දවසක චෝදනාවක් ආවා.

ඒ කොහොම වුණත් මෙයාලගෙ ඉල්ලීම ගැන අසතුටට පත්වූ ආණ්ඩුවෙ ලොකු මහත්තුරු මෙයාලට සැරට දෙහි කැපුවා කියලා ආරංචියි... තමන්ගෙ වත්කම් ඕනනම් ඉලැක්ෂන් ලොක්කගෙන් ඉල්ලල බලාගන්න කියලත් කීවලු... ඇන්.ජී.ඕ. කස්ටිය තමන්ගෙ තරම නොදැන කරන වැඩ ගැනත් හෙළිදරව්වක් කළාලු.