2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ජනපති සටනට පෙර රජ මගුල් තුනක්!

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 1756

මේ අවුරුද්දේ සිද්ධ වෙන්න යන රජ මගුල් තුනක් ගැන කතා වෙනවා.. රටේ ලොකු මහත්තයගේ එකම පුත්‍රයාගේ විවාහයට දැනටමත් ආරාධනා කරන්න පටන් අරන්... රජ මගුල්වලින් මුලින්ම තියන්න යන්නේ ඒ මංගල්‍යය බවයි ආරංචි.. මැයි මාසේ මුල හරියේ දවසක කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලේ පවත්වන්න යන මේ මංගල්‍යයට දේශපාලන කස්ටිය කාටවත් ආරාධනා නැහැ කියලයි කියවෙන්නේ..... අමුත්තොත් හාර පන්සීයකට වඩා ආරාධනා ලබලා නැතිලු....

දහම්ගේ මංගල්ලෙට මාස 4කට පස්සේ හිටපු ලොකු තැනගේ ලොකු පුත්‍රයා ඒ කියන්නේ නාමල් මන්තිරිතුමා විවාහ වෙනවලු. උන්නැහේ විවාහ වෙන්නේ ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දුවණියක් සමඟලු.

මැදමුලන ගමේ මූලික චාරිත්‍ර එක්ක උත්සවයක් අරන් කොළඹ අමුත්තන්ට වෙනම උත්සවයක් ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක තියන්නලු යන්නේ.

නාමල්ගේ මංගල්ලෙන් සති දෙක තුනකට පස්සේ රාජපක්ෂ පවුලෙම යෝ ගේ විවාහය සිදුවෙනවලු. ඔහුගේ මනාලිය නවලෝක පවුලට සම්බන්ධ දියණියක්ලු.. ඒ මංගල්‍යයටත් සෑහෙන පිරිසක් ආරාධනා ලබන බව කියැවෙනවා...

ජනාධිපතිවරණය කැඳවන්න කලින් මේ රජ මගුල් තුන නිමවෙන්න නියමිතලු.. මංගල උත්සව සඳහා දැන් මේ කියන ලොකු ලොක්කෝ ගජරාමෙට සූදානම් වෙනවා කියලා තතු දත් අය කියනවා.