2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ආසයි බයයි

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 471

අලි පාටියේ පොඩි අලි පැටවුන්ට ඇතුළෙන්ම කැපිලි කෙටිලි එන්න පටන් අරන් නිසා මේ අය ඉන්නේ නහුතෙට නැගලා. මෙයාලට කැපිලි කෙටිලි එන්නේ ලොක්කන්ගෙනුත් නෙමෙයිලු. ලොක්කා වටේ ඉන්න සොක්කෝ කිහිප දෙනෙකුගෙන්ලු. ඒ අය අතර ඇමැතිලත් ඉන්නවා කියලයි මෙයාලට ආරංචිය.

මේ තරහෙන් ඉන්න අලි පැටව් ටික සොක්කන්ට ගේම් එකක් දෙන්න ප්ලෑනක් ගැහුවලු. ඒ සොක්කන්ගේ වැඩ ගැන හොයන්න. ඒ වැඩ හොයලා එයාලා කරන වංචා දූෂණ ගැන ෆයිල් හදන්න යනව කියලත් කියනව. ආරංචියේ හැටියට ෆයිල් අතේ තියන් ඔන්න ඔයාගේ ෆයිල් එකක් අපි ගාව තියෙනවා කියන්නලු මේ හදන්නේ. අදින්නේ නැති වුණාට ඒත් අදිනවා ඔන්න කියලා පෙන්නලා වැඩේ කරගන්නලු හදන්නේ.කොහොම වුණත් එක්කෙනෙක් ගැන මෙයාලා පස්සෙන්ම වැටිලලු ඉන්නේ.

දැන් මේ දවස්වල මේ අය තොරතුරැ එකතු කරනවලු. මෙයාලගේ ගම්වල ඉන්න මිනිස්සු ගෙනල්ලා ඔය කියන සොක්කන්ගේ මහජන දිනවලට යවන්නත් සුදානම් කරලා තියන බව තතු දත් අය කියනව.