2019 මාර්තු 30 වන සෙනසුරාදා

දරුණු කැපිල්ලක්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 534

දැන් ඒකාබද්දෙට සැට්වෙලා ඉන්න කලින් රටේ ලොකු මහත්තය එක්ක සැට්වෙලා හිටපු මැතිඇමැති 15 දෙනාගෙ කස්ටිය තමන්ගෙ දුක්ගැනවිලි ගැන ලොකු සාකච්ඡාවක් කළා... ඒකට හේතුව පොහොට්ටුවෙ ඉන්න සමහරුන්ගෙන් තමන්ට කෙරෙන අරියාදු බවයි අපට ආරංචි...

කොළඹ - කළුතර - ගාල්ල - මාතර වගේ පළාත්වල 15 දෙනාගේ කස්ටියට දරුණු කැපිල්ලක් තියනවය කියලා එක කතාවයි. සමහර ආයතනවල පොහොට්ටුවෙන් කරන “පිළිසඳර” වැඩේටවත් තමන්ට ආරාධනා කරන්නෙ නැහැ කියල සමහර මන්ත්‍රී භවතුන් මෙහිදී සඳහන් කළා... ළඟදී ගාල්ල පැත්තෙ ආසනේක මේක ජයටම සිද්ධ වුණා කියලත් පැමිණිල්ලක් ආවා...

මේ 15 කණ්ඩායමට දක්වන විරෝධය සංවිධානෙ කරන්නෙ “අහවලාලු” කියමින් කොළඹට කිට්ටු දිසාවක මන්තිරි සයිස් පොරකගෙ නම කියැවුණා. “එයා හිතන් ඉන්නේ ඊළඟ ආණ්ඩුවෙ අහවල් පට්ටම ලැබෙන්නෙ එයාට කියලයි...” මෙයා කොච්චර වල්ගෙ පාගෙගෙන ඉන්නව ද කියනවා නම් සමහර පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට පවා කෝල් දීල එක එක විදියට අණ දෙන්න පටන් අරන්ලු... කියමින් බස්නාහිර පළාතෙ කටකාර මන්ත්‍රි පොරකට දොස් පරොස් කියන්න පටන් ගත්ත... ඊළඟට තවත් දකුණේ කෙනෙක් කිව්වා “මෙහෙම ගියොත් එයාට වෙන්නෙ මැංගුස් විකුණන්න තමයි කියලයි.

කොහොමින් කොහොම හරි මේ විදියට තමන්ට වෙච්ච අසාධාරණේ ගැන කෝපයට පත්ව සිටින 15 දෙනා පසුගිය දවසක හිටපු ලොකු තැන මුණගැහිලා තමන්ට වෙච්ච දේ ගැන පැමිණිලි කරල... වහාම ප්‍රශ්නය විසඳන්න කියල තද ඉල්ලීමක් කළාලු...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00