2019 මාර්තු 30 වන සෙනසුරාදා

ලේකම්ට පාඩමක්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 508

රටේ ලොකුතැන නැවත මහ පුටුවේ වාඩිකරන්න අලුත් ලේකම් තැන හැමතැනම යනවලු. ගමින් ගමට ගිහින් දැනුම්වත් කරනවලු ඉන්න ලොකුතැන තමයි රටේ ලොක්කා කරන්න ඕනේ කියලා. කොහොම වුණත් මේ අතර තවත් සංවිධායකයෝ සෙට් එකක් සැට් වෙනවලු ලේකම් තැනට එරෙහිව ලියුමක් සභාපති හෙවත් රටේ මහතැනට දෙන්න.

ඒ අය කියන්න යන්නේ අලුත් ලේකම් තැන එයාගේ කට හින්දා එයා විතරක් නෙමෙයි පක්ෂයත් නැති කරන්න යන්නේ කියලා. මෙයාගේ කට නිසා ඔක්කොම අපේ මිනිස්සු පොහොට්ටුවෙ නවතිනවා කියලත් මේ අය කියන්නයි යන්නේ. ඒ නිසා ලේකම් තැනගේ කට පොඩ්ඩක් පරිස්සම් කරගන්න හැටියට දන්වන්න කියලා මේ අය සභාපති තැනට කියන්නලු යන්නේ. දැනටම සංවිධායකයෝ පෝලිමක් ලෑස්තිවෙලාලු ඉන්නේ මේකට. අනික මෙයාලා කියන්නලු, යන්නේ ලේකම් තැන ලොකු ලොකු අයට අභියෝග කරන්න දොඩන දෙඩවිලි නිසා අපි හැමෝම කුණු කූඩෙට වැටෙන්න පුළුවන් කියලත්.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00