2019 මාර්තු 23 වන සෙනසුරාදා

ටිකිරි මොළේ

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 491

නළු ඇමැතිතුමාගේ කොකේන් චෝදනාව ආයෙමත් පසුගිය දවස්වල දියවන්නා කවුන්සිලේදී මතුවුණා... ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඉන්න කොකේන් භාවිතා කරන්නන්ගේ නම් වෙනුවට මෙවර ඉදිරිපත් කළේ ගණං විතරයි.. ඒගොල්ලන්ට කොකේන් ටෙස්ට් එකකට එන්න කියලත් නළුතුමා අභියෝග කළේ තමනුත් ඒ සඳහා ඉදිරිපත් වන බව කියමින්...

ඔහොම ඔය කතාව යද්දි දියවන්නා කවුන්සිලේ මහ පුටුව දරන ප්‍රධානියා කිව්වේ ඔය වැඩවලට මට මැදිහත් වෙන්න බැහැ කියලයි... කොහොම නමුත් නළුතුමා දිගින් දිගටම මේ විදිහට චෝදනා නැගීම ගැන බියට පත් වූ එක්තරා දේශපාලන භවතෙක් ආතක් පාතක් නැති තත්ත්වෙට පත්වෙලා හිටියා...

මෙයා නියෝජනේ කරන්නේ උඩරට පළාතේ සීතල දිසාවක්.. ඉතින් මේ දේශපාලන මෑන් කොකේන් ටෙස්ට් කතාවට හොඳටම බය වෙලා බැරිවෙලාවත් තමන්ට මේක කරන්න සිද්ධ වුණොත් වෙන්නේ මොකද කියලා දැනගන්න ක්‍රමයක් කල්පනා කළා. ඔන්න ඒ පාර උන්නැහේගේ ටිකිරි මොළේට ඥාණය පහළ වුණා. ඒ පාර උන්නැහේ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ලොකු ගණනක් දීලා ආනයනික දෛවඥයෙක් ගෙන්නලා කොකේන් කේස් එකෙන් තමන්ට අතුරු අන්තරාවක් වෙන්න පුළුවන්ද කියලා බැලෙව්වා...

සාස්තරේ අහලා දේශපාලුතුමා ගල්බීත වුණා. හැබැයි අනාවැකියනම් අපි දන්නෙ නැහැ...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00