2019 මාර්තු 16 වන සෙනසුරාදා

ෆොටෝ බැහැ

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 708

ළඟදි කාලෙ ඉවරවෙන්න යන පළාත් ආණ්ඩුවක් පසුගිය කාලෙ කරපු වැඩකිඩ ගැන ජනතාව දැනුවත් කරන්න ලොකු වැඩසටහනක් ලෑස්ති කළා....

හොඳට ආදායම තියෙන ඉසුරැමත් පළාත් ආණ්ඩුවක් වන මේ සභාවෙන් ඒ ගැන ඉතා අලංකාර ප්‍රකාශනේකුත් එළිදක්වන්න තීන්දු කරලලු.

ලොකු වියදමක් දරලා කරන්න යන ප්‍රකාශනේ සැලැසුම හදල ඒකට ආණ්ඩුවෙ ඉහළම කන්තෝරැවෙන් උපදෙස් ගන්න පළාත් ලොකු ඇමැති තැන ඒකත් අරන් රටේ මහ කන්තෝරැවට ගියා කියමුකො...

ඔන්න මහ කන්තෝරැවෙ ඉන්න බලවත්ම උදවිය මේ සැලැස්ම බලල ඒක අගය කළා... හැබැයි ඒකෙ සැලසුම ටිකක් වෙනස් කරන්න කියල ඒක අරන් ගිය ලොකු ඇමැතිට තදබල උපදෙසකුත් දුන්න...

ඒ උපදෙස අනුව පළාත් ආණ්ඩුවෙන් ගහන්න යන ප්‍රකාශනේට ඇතුළත් කරල තිබුණ හිටපු ලොකුතැනගෙ පින්තූර සියල්ලම ඉවත් කරන හැටියටයි අණ ලැබුණෙ...

හැබැයි ඒව කලින් ඔය ප්‍රකාශනේට ඇතුළත් කළෙත් ඉහළ උපදෙස් අනුවලු....

කොහොම වුණත් දැන් තියෙන තත්ත්වෙ හැටියට එයාලටත් මේවයින් ලකුණු රුස් කරන්න දෙන්න හොඳ නැති බවටයි ඉහළින් උපදෙස් ලැබුණෙ.

ඒ පාර ප්‍රකාශනේ අරන් ආපසු පැමිණි පළාත් ලොකු ඇමැතිතැන හිටපු ලොකු තැනගෙ පින්තූර ගැලෙව්වෙ මේ පාරත් අපිට ටිකට් එක ඇදෙයි වගේ... කියලා මැසිවිලි නගමින්ලු.