2019 මාර්තු 16 වන සෙනසුරාදා

තරුණයන්ගෙ යෝජනාව

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 508

පොහොට්ටු පාටිය  ඇතුළෙ ඉන්න තරුණ මන්ත්‍රී කස්ටියගෙන් හත් අට දෙනෙක් පසුගියදාක තමන්ගෙම රැහේ තරුණ නායකයෙක් හම්බවුණේ බොහෝම පෞද්ගලික කාරණාවක් සාකච්ඡා කරන්නලු.

එයාල මේ තරුණ ප්‍රධානියට කතා කළේ රටේ ඉදිරි මහ පුටු සටන ගැන තමන්ගෙ අදහස දැනුම් දෙන්න කියල මුලින්ම පැහැදිලි කළාලු...

ඊට පස්සෙ තමන්ගෙ පාටියෙ තරැණ මන්ත්‍රී කණ්ඩායමේ ඉන්න විස්සක් විසි දෙකක් වන මන්ත්‍රී පිරිසෙන් 19ක් විතර ගිහිල්ල පක්ෂය නිල නොවන මට්ටමින් තෝරගෙන ඉන්න ජනාධිපති අපේක්ෂකය තනිවම හමුවූ බව කියල....

ඒ වගේම තමන් ඇතුව කණ්ඩායමට ඡන්ද ජයග්‍රහණය අත්‍යවශ්‍ය නිසාත් තවදුරටත් විපක්ෂයට කොටු වී ඉන්න බැරිනිසාත් මේ තීන්දුව ගත්ත වගත් සඳහන් කළා... ඒ ගමන ගිය කණ්ඩායම වෙනුවෙන් තමන්ගෙ තරුණ නායකය දැනුවත් කරන්න පැමිණි බවත් මන්ත්‍රී පිරිස වැඩිදුරටත් කිව්වා....

තමන්ගෙ තරුණ කණ්ඩායම තමන් නොදැන මේ ගමන ගිය එක ගැන තරුණ නායකය සතුටු වුණේ නැතත් උන්නැහේ ඒ ගැන මුකුත් දොසක් කියන්න ආවෙ නැතිලු....

මේ මන්ත්‍රී නියෝජිත පිරිස තමන්ගෙ තරුණ නායකයට ආරාධනා කළේ තමන් අත ගහන්න යන මල් වට්ටියට අත ගහන්න එන්න කියලලු. මේ යෝජනාව අහපු තරුණ නායකයා උපේක්ෂා සහගත වුණා කියලයි ආරංචි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00