2019 මාර්තු 16 වන සෙනසුරාදා

ඉතුරුවුණේ හතර දෙනයි

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 483

අත පෙරළනවා කියලා එළියට ආපු සංවිධායක මහත්වරු මේ දවස්වල හොයාගන්නත් නෑ. පක්ෂයෙන් ලොකුතැනත් එළවලා තමයි පස්ස බලන්නේ කියල කිව්ව මේ කට්ටිය දැන් හම්බවෙන්නෙවත් නෑලු. කොටින්ම කිව්වොත් සමහර අය දුරකථන අංකත් වෙනස් කරලා වගෙයි පේන්නෙ....

එහෙම වෙනස් කරපු කිහිපදෙනෙක් මහතැන හම්බවෙලා මේ වැඩේට උදව් කළ හිටපු නෝනයි, හිටපු ආණ්ඩුකාර උන්නැහෙයි කිව්ව කතා වමාරලා කියලයි ආරංචි. මේ සියල්ල පිටිපස්සේ ඒ දෙන්නා ඉන්නවා කියලත් කියලා. කොහොම වුණත් එළියට ආපු විසිගානෙන් දැන් ඉතුරු හතර දෙනෙයි වගේලු. ඒ හතර දෙනාට පක්ෂයේ වැඩ නිල වශයෙන් දැනුම් දෙන්නෙත් නෑ කියල අප්සෙට් එකේ ඉන්නෙ. නිල වශයෙන් නැති වුණාට නොනිල වශයෙන් ඒ අයට ගෙදරම යන්න මහතැන පාර කපලලු තියෙන්නේ. ඒ එයාලට නායකත්වය දුන්න නෝනටත් එක්කම. දැන් මේ කට්ටිය අතරේ ඇමතුම් හුවමාරු වෙනකොට කතා කරන්නේ අනේ ඕන දෙයක් කතා කරමු, අරක නම් කතා කරන්න බෑ කියලලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00