2019 මාර්තු 16 වන සෙනසුරාදා

ෆොනීගෙ අලුත් මිතුරා!

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 548

කැලණියේ භාරකාරයා වෙලා හිටපු ගැමුණු දැන් කැපිලා ගිහින් ඉන්නේ. එයා බලෙන් කැලණිය අල්ලන් ඉන්නවා කියලා කිව්වත් ඒකත් බැරි සයිස් එකක් තියෙන්නේ. කොහොමහරි මේ අතරෙ අලිපාටියෙන් දැම්මා ෆොනී උන්නැහේව කැලණිය බලන්න. මේක ආරංචි වුණ ගැමුණු ඒ දවස්වල කිව්වෙ එයා කැලණියෙන් හූ කියවලා එළවන්නේ කියලා. එහෙම කෑගැහුවෙ ලොකු තැනගෙ පාටියෙන් ටිකට් එක ගන්න හිතාගෙනලු. ඒත් ලොකුතැන දුන්නේ නෑ. අන්තිමට ගැමුණුට හිටපු ලොකු තැනත් ඉන්න ලොකු තැනත් දෙන්නම නැතිවුණා.

සැබෑ රුහුණෙ පොරක් වගේ වැඩේ අතෑරිය නැති ගැමුණු අලිපාටියට නැවතත් හේත්තු වුණා පහුගිය කාලයේ. දැන් එයාගේ ගමන පටන් ගන්න යන්නේ අලි පාටියෙන්. හැබැයි මෙයා කිව්ව දේවල් එක්ක කොහොම ගියාද කියලත් සැකයක් එනවා. කොහොමින් කොහොම හරි අලි පාටියට ගිය මෙයාට තවම තැනක් හම්බවුණේ නෑලු. හැබැයි ගුණ වය වයා ඉන්නවලු අලි පාටිය ගැන.

ඒ විතරක් නෙමෙයි මෙයා අර කැලණියේ ෆොනීට කතා කරලා එයාගේ සපෝට් එක දෙන්නම් කියලත් කිව්වලු. දැන් ගැමුණු කැලණිය පැත්තේ හැම රැස්වීමකටම අතිජාත මිත්‍රයෙක් කරගත්ත ෆොනී එක්ක නගිනවා. හූ කියනවා කිව්ව කටින් ෆොනී තමයි යුද්දේ වීරයා කියන්නත් දැන් මෙයා පුරැදුවෙලා. ඒ විතරක් නෙමෙයි කැලණියට එයාටත් වඩා ලැබුණු හොඳම කෙනා ෆොනී කියලා කියන්නත් මෙයා නිහතමානී වෙලාලු. මේ යාලුකම ගැන හැමෝටම අදහගන්න බෑ කියලයි ආරංචිය.