2019 මාර්තු 09 වන සෙනසුරාදා

ඒ කවුද?

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 544

මේ දවස්වල ආණ්ඩු පක්ෂයේ ඉන්න තරුණ මන්තිරි කස්ටියගෙන් පිරිසක් අයවැයේ සමහර වැය ශීර්ෂ පරද්දන්න කතා කරනවා.

ඒත් මේ ගැන තිබෙන්නේ මත ගැටුමක් බව පක්ෂයේම සමහරු කරන කියන ප්‍රකාශවලින් පේනවා....

ඉතින් ඔය සම්බන්ධව තරුණ මන්තිරි කස්ටිය නොයෙක් අදහස් හුවමාරු කරගනිද්දි කාරණා කාරණා තේරුම්ගත්ත එක්තරා මන්ත්‍රී භවතෙක් විකල්ප අදහසක් කිව්වලු. “එකඟත්වයක් නැතුව ඕක කරන්න ගියොත් අපට වෙන්නේ ඇන ගන්නයි. ඒ හින්දා අපේ කස්ටියගෙ තියන විරෝධය පෙන්නන්න අරයගෙ වැය ශීර්ෂයට ඕනනම් ඡන්දය නොදී ඉමු” කියලා...

උන්නැහේ “අරයා” කිව්වෙ පසුගිය කාලේ ආණ්ඩුවේ පසුපෙළ කස්ටිය තදින් දෙහි කපාපු අකුරු තුනක නමක් තියෙන ඇමැති සයිස් මහත්තයෙක් ගැනලු... උන්නැහේ ගැන තව පොඩ්ඩක් විස්තර කිව්වොත් අලි පාටියේ පසුපෙළ කස්ටිය උන්නැහේට ඇමැති පට්ටමෙන් යන්න කියලත් පසුගිය කාලෙ ඝෝෂා කළ බව මතකයි.