2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

රැස් වළල්ලක් සෑදීම

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 558

රටේ ඡන්දයකට දින නියමවෙලා නැතත් ප්‍රබලම දේශපාලන චරිතයක ප්‍රතිරෑපය නග්ගන වැඩසටහනක් ගිය සතියෙ ඉඳල දියත් කරලලු. මේ චරිතයට රුස් වළල්ලක් නිර්මාණය කිරීමේ කටයුත්ත කරන්නෙ උන්නැහේගෙ පවුලෙම දෙතුන් දෙනෙක් බවත් ආරංචියි...

එක හා සමාන්තරව කෙරෙන වැඩසටහන් දෙකකින් ප්‍රතිරෑප ප්‍රවර්ධනය සිදුකිරීමයි කරන්නෙ... මේ වැඩේට සපෝර්ට් එකක් ලබාගන්න මෙකී ප්‍රබල දේශපාලන චරිතය වටා ඉන්න උපදේශකයන්ගෙ මීටිමක් ළඟදි තිබුණලු... ඒකෙදි එක්තරා උපදේශකයෙක් අපූරැ උපදෙසක් දුන්න බවත් ආරංචියි...

ඉදිරි කාලයේ මෙම දේශපාලන චරිතය විසින් ගත යුත්තේ ජනප්‍රිය තීන්දු පමණක් බවයි උපදේශකතුමාගෙ අදහස වු‍ණේ. ප්‍රතිඵලය මොකක් වුණත් තීන්දුව ජනප්‍රිය විය යුතුම බවයි එයාලගෙ අදහස... ඒ අනුව දැන් වැඩ සිද්ධවෙන්න පටන් අරන්... එදා ඉඳල හැමදාම පත්තරවලට හෙඩ්ලයින් ලැබෙන තත්ත්වයකුත් උදාවෙලා...