2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ක්‍රිකට් පාඩමක්

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 817

ක්‍රිකට් සටන රත්වීගෙන එනකොට සමහරු අපූරු සෙල්ලම් පටන් අරන් කියලා කතාවක් යනවා... වයඹ පළාතෙ මූදුකර දිස්ත්‍රික්කෙක ක්‍රිකට් සංගම් අංශෙ ඉහළම තනතුර දරන දේශපාලන ලොක්කෙක් පසුගිය දා දියවන්නාවේ මීටිමට ඇවිල්ලා ඉන්නකොට ක්‍රිකට් මණ්ඩලේ හිටපු දියවන්නා ලොක්කෙක් එයා හමුවෙලා ක්‍රිකට් ගැන වාග් සටනක පැටලුණාලු.

හිටපු ක්‍රිකට් ලොක්කා සැර භාෂාවෙන් ඕයි, අයිෂෙ වගේ වචනත් පාවිච්චි කරමින් වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨයට බර බරයක් දැම්මලු. එතකොට බොහොම ප්‍රියංකරව ඉන්න හැබැයි මල පැන්නම ඉන්න තැන පේන්නෙ නැතිව යන වයඹ ලොක්කා මොකද්ද ඕයි කිව්වේ? තමුසෙ කාටද ඔය කතා කරන්නේ කියලා කැත්තට පොල්ල ටෝක් එකක් දුන්නා..

ඊටපස්සේ ටිකක් මෙල්ල වෙච්ච ක්‍රිකට් පුඟුලා එහෙම නෙවෙයි ඔහෙත් අපිට සහයෝගය දෙන්න කියලා ආයෙම කියන්න පටන්ගත්තා. ඊටපස්සේ වයඹ ලොක්කා ඔහේ ඉල්ලන්නෙත් නැති ඡන්දයකට හොට දාන්නෙ නැතුව ඉන්නවා අයිෂෙ... මම බබෙක් නෙවේ. කරන්න ඕන දේ ගැන මට ටියුෂන් දෙන්න ඕන නැහැ කියලා ලොකු ගෝරියක් ඇද්දා..

ඊටපස්සේ එන පොට හොඳ නැති බව පෙනුණ හිටපු ක්‍රිකට් බලවතා හරි හරි ඕවා අමතක කරලා සමාවෙලා අපිට සහය දෙන්න කියලා පදේ වෙනස් කළා. මල පැනලා හිටපු වයඹ ක්‍රිකට් ලොක්කා සමාව බම්බුගහගන්නවා ඕයි කියලා යන්න ගියා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00