2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

දෙකින් එකක් බේරාගන්නලු

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 466

නිදහස් දවසේ හැන්දෑ බාගේ කොළඹ කිට්ටුව ගෙදරක නිදහස වෙනුවෙන් සාදයක් පැවැත්වුණා. විපක්ෂ පැත්තේ වේදිකා නද වෙන්න කෑගහන හුඟක් ජාත්‍යන්තර කුමන්ත්‍රණ මුලින්ම හඳුනාගන්නා දේශපාලුතුමෙක්ගේ ගෙදරයි මේ සාදය පැවැත්වුණේ.

වෙනදා මේ වගේ සාදයක් පැවැත්වෙනකොට ඉන්න දකින පිරිසට වඩා අමුතු පිරිසක් තමයි මෙතන ඉඳලා තියෙන්නේ. හුඟ දෙනෙක් රටට මෛත්‍රී කරන කණ්ඩායමේ උදවිය කියලයි ආරංචිය. පහුගිය කාලයේ හිටපු ලොකු තැන එක්ක අයියා මල්ලි වගේ හිටිය මේ දේශපාලන භවතා දැන් සීරු මාරුවෙන් කරන්න හදන්නේ මොකක්ද කියලා මේ නිදහස් දින සාදයට ආපු අය කුටු කුටු ගාන්න ගත්තා. සමහරු කිව්වේ උන්නැහේ පොහොට්ටුව පිපෙන්න කලින් පුටුවට පනින්න යන්නෙ කියලා. තවත් සමහරු කිව්වේ පොහොට්ටුව පිපෙන්න කලින් අත බදාගන්න හදනවා කියලා.

ඒ කොහොම වෙතත් සාදය අතරතුර  වෙච්ච දෙවල් විජේරාමයට රපෝර්තු වුණාලු. ඉතින් ඊට පස්සේ විජේරාමේ ඉන්න ලොකු ලොක්කෝ හිටපු ලොකු තැනගෙන් ඉල්ලලා තියෙන්නේ දේශපාලන තරාදිය බැලන්ස් කරන්න හදන මේ කටකාර ලොක්ක එක්ක කෙලින් කතාකරලා දෙකෙන් එකක් බේරගන්න කියලා.