2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ලැයිස්තුව කුණු කූඩෙ

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 361

දෙස්-විදෙස් ගමං බිමං වැඩ ගැන බලන්න තියෙන එක්තරා ඇමැති අංසෙක කන්තෝරුවලට සුදුසු ලොක්කො පත් කොරන්න විෂය භාර ලොක්කා තීන්දු කළා...

ඔන්න ඊට පස්සෙ තමන් දන්න කියන උදවිය කිහිප දෙනෙක් තෝරාගෙන ඒ අයට වගකීම් පවරන්නත් වැඩේ සැට් වුණා කියමුකො...

ඒත් දැන් මෙබඳු ආයතනවලට ලොක්කො පත් කරන හැටි ගැන රටේ ලොකු මහත්තය ලියුමකින්ම උපදෙස් දීල තිබෙනවා. ඒ උපදෙස්වලට පිටින් නම් ගම් එවන්න එපා කියලත් නියම කොළා....

කොහොම හරි මේ ගමන් බිමන් වැඩබලන ජ්‍යෙෂ්ඨ දේශපාලන ලොක්කා ඒ උපදෙස් එහෙම තිබියදී තමන් තෝරාගත් අයගෙ නම් ලැයිස්තු රටේ ලොකු තැනට ඇරියා... ලැයිස්තු ලැබුණම උන්නැහේ ඒ ලැයිස්තුව එකවරක් බැලුවා. ආයෙම දෙවැනි වරත් හොඳට බැලුවා. ඊළඟට ලැයිස්තුව ගුලිකරල කුණු කූඩෙට දැම්ම....

තමන්ගෙ වැඩේ මේ විදියට ජෝන් බාස්ට ගිය බව දැනගත් විෂය බාර ඇමැති තැන තමන් අවුරුදු 40ක් දියවන්නාවෙ ඉඳලත් මෙහෙම වුණ එක ගැන විස්සෝපයෙන් ඉන්නවලු....

ඒත් ඉතින් මේ විදියට නම් ලැයිස්තු දීල වැඩ ජෝන් බාස්ට ගියේ උන්නැහේගෙ විතරක් නෙවේ.... තව නවීන පන්නයේ වැඩකරන දේශපාලුතුමෙකුගෙත් නම් ලැයිස්තු ගියේ කුණු කූඩෙටලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00