2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

එයා එනවනම් අමාරුයි

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 442

ත්‍රස්ත ප්‍රහාරෙකින් රටට අහිමිවුණ ගම්පහ දිසාවෙ හිටපු කටකාර ඇමැති සයිස් මහත්තයකුගෙ ගුණ සමරුව යෙදෙන්නෙ ළඟදි.

ඒකට ලොකු උත්සවයක් පවුලෙ අය සූදානම් කළා... දැන් ජූනියර් මට්ටමේ පට්ටමක් දරන කවුන්සිලේ ඉන්න ඇමැති නෝන රටේ ඉහළම කෙනකුට මේ උත්සවේ මුලසුන ගන්න ආරාධනා කළාලු. ආරාධනාව භාරගත්ත ඒ ආණ්ඩු ප්‍රධානිය ඊළඟට මෙහෙම ඇහුවලු.

එතකොට මම විතරද එන්නෙ? අරයට කිව්වෙ නැත්ද? ඒ ප්‍රශ්නෙට ඇමැති නෝන මෙහෙම උත්තර දුන්නලු.
තවම කිව්වෙ නම් නැහැ... ඒත් එතුමටත් කියන්නයි හිතන් ඉන්නෙ...


එහෙම එනවනම් මට එදාට එන්න අමාරු වේවි... කෝකටත් මට එදාට කළින් දාගත්ත වැඩකුත් තියනවා... ඕන නම් එයාටම මුලසුන දෙන්නත් පුළුවන්නේ නේද? අපි ඒ ගැන පස්සෙ බලමුකෝ...
ඇමැති නෝනට ලැබුණ ඒ උත්තරේ අහපු ඇය විශේෂ යමක් නොකියා ආපසු ගියා ගියලයි තතු දත් අය කියන්නෙ.