2019 ජනවාරි 26 වන සෙනසුරාදා

නවතින්න තැනක් නැතිලු

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 450

දේශපාලන පක්ෂ ගණනාවක නවාතැන් අරන් පුටු පාටියේ සැට්වෙලා ඉන්න නීතිඥ මට්ටමේ පොරක් ඉන්නවා... උන්නැහේ ආයෙමත් සැරයක් දේශපාලන කරණමක් ගහන්න දැන් අලිපාටිය පැත්තට ඉව අල්ලමින් ඉන්න වග තතුදත් ආරංචි මාර්ග කියනවා...

මුලින්ම වතුකරෙන් කවුන්සිලේට ඇවිල්ල ඊළඟට තවත් දෙතුන් පලකට ගන්න හදල හිටපු ලොකුතැනට කිට්ටුවෙන්ම හිටියෙ උන්නැහේ තමන්ගේ තාත්ත වගේය කිය කියා...

ඊළඟට මෛත්‍රී යුගය උදාවුණාම තාත්තා අමතක කරල එතෙන්ට ගාල්වුණා. එතැනත් ඉහළ තැන්වලට කිට්ටුවෙන්ම ඉඳන් අලුත්කඩේ පැත්තට පාලම් හදන්න පුළුවන් තමන්ට තමයි කිය කියා හිටියා.

දැන් තමන් ඉන්න පුටු පාටිය ඉරිතලමින් තියන නිසා උන්නැහේ අලිය පිට නගින්න කල්පනාකොලා කොළඹින් එන්න පුළුවන්ද කියලා මුට්ටිය දාලා බැලුවා.

ඒත් දැන් කොළඹ ආසන අල්ලගෙන ඉන්න “මරික්ස්” ගෙනුයි - මුජිබ් ගෙනුයි ඒකට කොකු වැටිලලු... ඒ නිසා පශ්චාත්තාපවෙලා ඉන්න උන්නැහේ පුත්තලං යන්න හදනවය කියල ආරංචියි... ඒත් ඒකට පුත්තලං අලි කැමැති නැතිලු... ඒ නිසා මේ පට්ටමක් නැතුව ඉන්න බැරි උන්නැහේ දහ අතේ කල්පනා කරන බව ආරංචියි. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00