2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

කඹ ඇදිල්ලක්

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 238

රුහුණේ වරාය සමාගමක් කරන වැඩේට විෂය භාර ඇමැති අංසෙන් කිසිම සපෝට්එකක් නැතිලු...
ඒත් අකුරු දෙකේ නමක් කියන ප්‍රබල ඇමැතියි අකුරු තුනේ නමක් තියන ප්‍රබල ඇමැතියි මේක කරන්නම ඕන කියල දත කනවලු.

ඒ අස්සෙ මේකට අවශ්‍ය ලියවිලි අත්සන් කරන්න ඉන්න බලධාරිය විදේශගතවෙලා කියලත් ආරංචියි. උන්නැහේගෙ මතේ කරන්න යන වැඩේ නීතියට එකඟ නැහැ කියන එකලු... ඒ අස්සෙ තවත් කස්ටියත් මේක රටේ ලොකු මහත්තය ගාවට තල්ලු කරන්න හදනව කියලත් කතාවක් යනව. ඒකට හේතුව උන්නැහේ මේ කටයුත්තට ඒ හැටි එකඟ නැති නිසා කියලයි වරාය පැත්තෙ ආරංචිය යන්නෙ...
ඒ නිසා රුහුණු වරාය සමාගමක් කරන කටයුත්ත චක බලාස් වෙන්න පුළුවන් කියලා සමහරු කියනවා.