2019 ජනවාරි 26 වන සෙනසුරාදා

මාධ්‍ය කොක්කක්!

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 376

ගෙවල් හදන වැඩේට බැහැලම ඉන්න ආණ්ඩුවෙ එක්තරා දේශපාලන ලොක්කෙක් තමන් හදන්න යන අලුත්ම ව්‍යාපෘති තුනකට මාද්දිය කස්ටියෙ නම් දාන්න තීන්දුවක් ගත්තා...

මාද්දිය කිව්වට මාද්දිය සටන්වල ඉඳල නොයෙක් අකටයුතුකම්වලට භාජනය වුණ තුන් හතර දෙනෙක්ගෙ නම් තමයි මේ විදියට දාන්න යෝජනා කළේ.

මෙහෙම දාන්න යන එක නමක් හිටි මාධ්‍යකරුවෙක් දැනට ඉන්නෙ රට හැර ගිහිල්ල. උන්නැහේට එහෙම යන්න වුණේ පැවති ආණ්ඩු කාලෙ දරැණු අත්දැකීමකට මුහුණ දෙන්න වුණ නිසායි. ගාල්ල පැත්තෙ ගමක නමකින් හැඳින්වෙන මුන්නැහේට තමන්ගෙ නමින් අහවල් ඇමැති තැන මෙහෙම වැඩක් කරන්න යනවය කියල දැනගන්න ලැබුණ.
දේශපාලුතුමාගෙ යෝජනාව නිසා අසූහාරදාහට කේන්ති ගිය විදෙස්ගත මාධ්‍ය මිතුරා මේ දේශපාලන බලවතා අමතා සැර උත්තරයක් ලිව්වා...

පසුගිය ආණ්ඩු ගණනාවකින් මාධ්‍යකරුවන්ට සිද්ධ වුණා අසාධාරණකම්වලට විසඳුමක් ලබානොදී මාධ්‍යකරුවන්ගේ නමින් දේශපාලන කීර්තිය ලබාගන්න තැත් කරන්න එපා කියපු උන්නැහේ තමන්ගේ නමින් කිසිම දෙයක් නොකරන හැටියට ඇමැති තැනට තදින් කිව්වා...

ඒ විතරක් නොවේ එයා ලියාපු සැර උත්තරේ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරලා දැන් එක ජංජාලයයි. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00