2019 ජනවාරි 26 වන සෙනසුරාදා

එතුමියගෙ පක්ෂෙ!

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 402

හිටපු ලොකු නෝනා ඇවිත් හදන්න යන අලුත් පක්ෂය ගැන හැමතැනම කසුකුසුලු. ඒත් සමහර අය නෝනව දැක්කමත් මග අරිනවලු. නෝනා පක්ෂයට කතා කරයි කියලා.

මේ අතර ඔය පක්ෂ කතාව ආවලු අත පාටිය බේරගන්න කියලා එළියට බැස්ස සංවිධායක මහත්වරැ ගාවට. එතන හිටිය ඔක්කොම වැඩේට විරුද්ධලු. එයාලා කියන්නේ අපි ආවේ අත බේරගන්න නම් ඇයි මේ වෙන දේවල්වලට අත දාන්න ගිහින් නාගන්නේ කියලා. ඒ නිසා නෝනට කැමති දෙයක් කරගන්න කියලා අපි පැත්තකට වෙමු කියලා කට්ටිය කතා වෙලාලු ඉන්නේ. කොහොමත් ඒ අය මේ වැඩේට කැමති නෑ විතරක් නෙමෙයි ඒ දෙයට විරැද්ධ වෙන්නත් කට්ටිය තීරණය කරළලු. ඉස්සරහට ඒකට විරැද්ධව මාධ්‍ය හමුත් තියෙනවා කියලයි ආරංචිය.

ඒ අස්සෙ මේ අලුත් සංවිධානෙ ඉහළම පට්ටමක් භාරගන්න ඉන්නවය කියන රජරට පළාතෙ දේශපාලන ප්‍රබලයත් දැන් කකුල පස්සට අරන්ලු. එයා තමන්ට ලැබෙන දුරකතන ඇමතුම්වලටත් උත්තර නොදී දොලොවක් අතර තනිවෙලා ඉන්න බව ආරංචියි. එයාගෙන් හරි හමන් සහයක් නොලැබුණොත් මේ සංවිධාන වැඩේ බකල් වෙන්නත් ඉඩ තියෙන බව සමහරු කියනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00