2019 ජනවාරි 12 වන සෙනසුරාදා

අනේ සර් මට හිමි තැන දෙන්න

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 433

ආණ්ඩුවට සම්බන්ධ එක්තරා වතුකර පක්ෂයක ලොකු උන්නැහේ කෙනෙක් ඇමැතිකමක් නැතුව දුකෙන් ඉන්නෙ. උන්නැහේට ඇමැතිකමක් පොරොන්දු වෙලා ආණ්ඩුවට සපෝට් එක ගත්තත් පොරොන්දුව ඉටුනොවූ බව කියමින් එයා තමන්ගෙ දුක අලිපාටියෙ ලොකු තැන් කිහිපයකටම දැන්නුවලු.

ඒත් වැඩේ වුණේ නැත්තෙ තියෙන නීති රීතිවල බාධාවල් නිසාලු.

කැබිනට්ටුව 30ට සීමා කරන්න නීති පනවල තියෙන නිසා මේ ප්‍රශ්නය ඇතිවෙලා තිබුණත් මේ වතුකර ජ්‍යෙෂ්ඨය තමන්ගෙ අවනඩුව රටේ ලොකුම ලොකු තැනට කියන්න කල්පනා කළා. ඒ පාර මෙයා රාධා - ක්‍රිෂ්ණා කිය කිය රජගෙදර පැත්තට ගියා... ගිහිල්ල ලොකු මහත්තය හම්බවුණාය කියමුකො... එහේදි උන්නැහෙත් ලොකු මහත්තයත් අතර හටගත් කතාව මේ වගෙයි...

ම්.. මොකද මේ පැත්තේ..

නිකම් ආව... සර්...

නිකම්ම වෙන්න බැහැ. මුකුත් ප්‍රශ්නයක්ද?

ප්‍රශ්නයක්මත් නෙවෙයි... නැතුවත් නෙවෙයි...

හොඳයි මොකද්ද මොකද්ද කාරණාව කියමු බලන්න...

සර්... අනේ ඇයි සර් අපිට ඇමැතිකමක් නොදෙන්නෙ... අපි ගැනත් බලන්න සර්...

ඔන්න ඔහොම කියල එයා නහයෙන් අඬන්න ගත්තම ලොකු මහත්තය ටිකක් කල්පනා කරලා &ඕක මගෙන් අහල වැඩක් නැහැ... අහවලාගෙන්... අහන්න. උන්නැහේ අතෙයි විසඳුම තියෙන්නෙ.. කියල අලිපාටියෙ ජ්‍යෙෂ්ඨයෙක්ගෙ නමක් කිව්ව.. ඊටපස්සෙ වතුකර ලොක්කගෙ මුහුණ රතු වුණා. උන්නැහේ මං එන්නම් සර් කියලා යන්න ගියා...

ඊට දවස් දෙකතුනකට පස්සේ එයාට සුළු මුලෑදෑණි පට්ටමක් ලැබුණා. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00