2018 මැයි 05 වන සෙනසුරාදා

පොහොට්ටුව පස්සේ කකුල් මාට්ටු වැඩක්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 914

පොහොට්ටුව ජයග්‍රහණය කරන්න මෙහෙය වූ ලොක්කගේ උපන්දිනේ පසුගිය දවසක තිබ්බලු. රටේ හිටපු ලොක්කා වෙච්චි අයියත් ඒකට සහභාගි වෙලා කේක් කැපුවලු. කේක් ගෙනාවෙ රත්තරන් කියලයි ආරංචි. මේ ඔක්කොම ඉවරවෙලා පොහොට්ටු ලොක්කට තැන් තැන්වල ආශීර්වාද පූජා තිබ්බලු. ඉතින් මේකට එයාගේ ළඟම කීපදෙනෙක් එයා එක්ක එහේ මෙහේ යන්න ලෑස්ති වෙලාලු හිටියේ.

මේ ගමනට කවදාවත් නොදැක්ක එක්කෙනෙකුත් හිටියලු. එයා ඉස්සර දියවන්නාවේ හිටපු ජය රත්නයක්. ඉතින් මෙයත් යන යන තැන ලොක්කා එක්ක ගියාලු. හැබැයි ලොක්කා නෙමෙයිලු ගණන් ගත්තේ.

පස්සේ මේ හදිසි පැමිණීම ගැන ලොක්කගේ වටේ හිටිය අය හොයලා බැලුවලු. එතකොටලු කතාව එළිවුණේ. මෙයා ඇතුගල පැත්තේ කෙනෙක්. ඇතුගල ඉන්න තවත් පොහොට්ටුවේ ලොක්කෝ දෙන්නෙක් වෙච්ච ජොනියි, සාලින්දයි මෙයාගේ තැනට ලොකු බලපෑමක්ලු. මෙයා කෝමහරි ලෝක්කට සෙට් වෙලා හිත දිනාගන්නලු හදන්නේ අර දෙන්නට වැඩිය. එහෙම කරලා එයා ඇතුගල ලොක්කා වෙන්නලු හීන මවන්නේ. ඒත් ලොක්කට ඒක ගාණක් නෑ. එයා කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව එයාගේ පාඩුවේ හිටියලු. අන්තිමට එදා හැන්දෑවේ ජය රත්න ගෙදර ගියේ හරිම හිතේ අමාරුවෙං කියලයි කියන්නේ.

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00