2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

සටනට එන්න යන සොහොයුරා

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 898

රටේ බලවත් පවුලක ව්‍යාපාරික සහෝදරයෙක් උඩරට පළාතෙ ආසනේකින් මහ ඡන්දෙට එන්නලු යන්නෙ...

තමන් කවදාවත් දේශපාලනේට එන්නෙ නැහැ කියලා කලින් කියපු මුන්නැහෙ දැන් තමන්ගෙ අලුත් අදහස මිතුරන්ට කියන්න පටන් අරන්ලු.

මුන්නැහේ මෙහෙම කිව්වට එයාට දේශපාලනේට එන්න වරම් ලබාගන්න ඕන තමන්ගෙ පවුලෙම බලවත් කෙනෙක්ගෙන්ලු....

ඒත් පවුලෙ අයට දේශපාලන වරම දෙන්න අදිමදි කරන බලවතාගෙන් තම සහෝදරයටත් ඡන්ද කෙරුවාවට අවසර ලැබිල නැති බවයි තතු දත් අය කියන්නෙ...

නමුත් උන්නැහේ හෙමින් හෙමින් වැඩේට ලෑස්තිවෙන බව එයාගෙ සමීපතමයො දන්නවා...

මේ රටේ හිටපු ජනප්‍රිය අගමැති කෙනෙකුගෙ නමින් හැඳින්වෙන මේ ව්‍යාපාරික සොහොයුරා තමන්ගෙ පවුලෙ බලවතා මුණගැහිලා තම දේශපාලන අදහසට වරම් ගන්න යන බව දැනගන්න කියනව.... මෙයාගෙ මනාපෙ තියෙන්නෙ සෙංකඩගලනුවර පැත්තෙ ආසන්නව කියලත් අපට ආරංචියි.

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30