2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

වැඩට බැස්ස කපුවෝ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 870

පසුගිය කාලෙ ලොකුවට විරසක වෙලා හිටපු, හිටපු ලොකුතැනගෙ කස්ටියයි.... දැන් ඉන්න ලොකු තැනගෙ කස්ටියයි අතරේ යාලුකමක් ඇතිකරන්න තිරය පිටිපස්සෙ ලොකු කතාබහක් පටන් අරන්....

මේකට කපුකම කරන්නෙ උඩරටින් ආපු කාලයක් අත පාටියෙ ඡන්ද මැසිම හැටියට හිටපු කටකාර හිටපු ඇමැති සයිස් උන්නැහේ කෙනෙක්... එයාලගෙ මේ සාම කපුකමට පොහොට්ටුවෙ නිර්මාතෘගෙන් කැමැත්ත ගන්නයි දැන් ෆුල් ට්‍රයි කරන්නෙ....

පසුගිය දවස්වල යුරෝපයට ගිහිල්ල හිටපු පොහොට්ටුවේ නිර්මාතෘ හදිසියෙ ලංකාවට ආපු ගමන් ඔන්න මේ කපුව පසුගියදාක හොර රහසෙම උන්නැහේ හම්බවෙලා බොහොම තදින් සාම යෝජනාව ඉදිරිපත් කළාලු.

ඒත් පොහොට්ටු ලොක්කල කතාබහ කළේ සීරුවෙන් බවයි ආරංචි....

මීට කළින් ආණ්ඩුවෙන් දුන්න ලණු දෙපාරක් කාල ඉන්න නිසා එයාල කතාබහ පටන් ගන්න කොන්දේසි ගණනක් දාන බව කියල ඒ ගැන පසුව කතාබහ කරන්නත් තීන්දුවක් අරන්....

හැබැයි ආරංචි හැටියට ඊළඟට පැවැත්වෙන රටේ මහපුටු තරගෙට එන්නෙ පොහොට්ටුවෙන් නම්කරන කෙනාද අත පාටියෙන් නම් කරන කෙනාද කියන ප්‍රශ්නෙ දැන් දෙගොල්ලටම බේරගන්න බැරිතරම් උග්‍ර‍ෙවලා කියලත් ආරංචියි.

 

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30