2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

නෝනට දුක හිතිලා

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 455

පහුගිය දවසක රත්තනපුරේ පැත්තේ අලුත් ගෙවල් හදන වැඩක් තිබ්බලු. මේකට ආණ්ඩුවෙ ගෙවල් හදන ලොකු අලියත් ආවලු. ඒවගේම රත්තපුරේ පරම්පරා අලි අත්තක් වෙච්ච ඇමැති නෝනත් ආවලු. ඒ විතරක්ද එයා එක්ක නිතර හැල හැප්පෙන පොඩි අලිපැටියත් ඇවිත් හිටියා.

පක්ෂයේ දෙවැනි තැනත් එක්ක හරි හරියට විහිළු තහලු කරමින් ඇමැති නෝනා හිටියේ අර පොඩි අලි පැටියට පේන්නත් එක්කලු. පොඩි අලි පැටියා නෙමෙයිලු ගණන් ගත්තේ.

ඔන්න ආවාලු ගෙවල් හදන අලියගේ කතාව. මෙයා ඉස්සි ඉස්සි කිව්වලු රන්නපුරේ අතුකෝරාළ මහත්තයට පස්සේ ඒ නායකත්වය ගන්න අලුත් මන්තිරිතුමෙක් ඉන්න එක ගැන සතුටුයි කියලා. ඒ වෙනින් කවුරුත් නෙමෙයි මේ පොඩි අලි පැටියා කියලා ඇමති නෝනා ඉස්සරහම පෙන්නලා. මේකෙන් ඇමති නෝනගේ හිත කඩා වැටුණලු. අප්සට් වුණාලු. බැරිම තැන විනාඩි පහක්වත් ඉන්නේ නැතුව වැඩක් කියලා යන්න ගිහින් ෂේප් එකේ. හැබැයි කට්ටියට තේරැණාලු අතුකෝරළ මහත්තයගෙන් පස්සේ නායකත්වයට ඇමති නෝනා සුදුසුයි කියලා කිව්ව නැති එකට දුකෙන් ගියේ කියලා. මොකද නෑදෑකමකුත් තියෙනවලුනේ.

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30