2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

අපේ ඡන්දෙ නවන්න ඔහේට බැහැ...

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 527

රටේ මුල් පුටුවටට නැත්නම් දෙවැනි පුටුවට එහෙමක් නැත්නම් විපස්සෙ මුල්පුටුවට ලොක්ක ළඟට වැඩිපුරම සුදුසුකම් තියෙන්නෙ තමුන්ට කියල පසුගිය කාලෙ වේදිකාවල සද්ද කරපු කළුතර පැත්තෙ “ගමක* නමක් තියන ප්‍රබලය ඊයෙ පෙරේදා පළාතෙ බලමණ්ඩල කස්ටිය රැස්වීමකට කැඳෙව්වා...

ඒ ලබන සතියෙ කොළඹ කරන්න යන විරෝධතාව ගැන කතා කරන්නලු.

ඉතින් මේ රැස්වීම කරගෙන යනකොට සභාව මෙහෙයවපු නිවේදක තැන හිටපු ආරක්ෂක ලේකම් තැන ගැන ඔලොක්කුවට කතා කරන්න පටන් අරන්... ඒ කතාව කරද්දි කළුතර ප්‍රබලයා නිහඬව කතාව අනුමත කරන විදියක් පෙන්නුවලු. 

ඉතින් නිවේදක තැනගෙ ගෝඨා විරෝධය ඉවරනොකර නොයෙක් දේ කියන කොට එතන සභාවෙ හිටපු අයට මලපැනලා එයාට ලොකු විරෝධයක් පළකළාලු. ඒකට මැදිහත් වුණු කළුතර ප්‍රබලයටත් තමන්ගෙ දිසාවෙ තමන්ගෙම පාක්ෂිකයො ලොකු ඝෝෂාවක් දාලා... අන්තිමේදි රැස්වීම අල හොද්දක් වේගෙන යද්දි සභාවෙ හිටපු අය කීවලු ඊළඟ මහපුටු ඡන්දෙදි අපි ඡන්දෙ දෙන්නෙ ඔහේ කියන විදියට නොවේ. හිටපු ලොකු තැන කියන විදියටයි... උන්නැහේට බැරිනම් එයා ඉදිරිපත් කරන ඕනම කෙනෙකුට අපි ඡන්දෙ දෙනව කියලත් කියලා...

කළුතර ප්‍රබලයා තමන්ගෙ ජ්‍යෙෂ්ඨකම අරවමේව කියාගෙන මේ කතාවට උත්තර දෙන්න ගියත් පාක්ෂික විරෝධය අවසන් වුණේ නැහැ කියලයි ආරංචි.

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30