2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

තමුන්ගෙ වැඩේ බලාගන්නකෝ

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 527

නෙළුම් පොහොට්ටුවේ ඉන්න ගම්පහ සංචාරකපුරේ තරුණ මන්තිරිතුමාට පහුගිය සතියේ පක්ෂයේ ඉහළ තැනින් යෝජනාවක් ආවලු. ඒකෙන් කියැවුණේ උන්නැහේට සංචාරක පුරෙයි ඊට අල්ලපු වත්තයි බලන්න කියලලු. වැල්ල පාගපු මිනිහා නිසා තරුණ මන්තිරිතුමාත් මේක පැනලා බාරගත්තලු.

හැබැයි මෙයාගෙ කරට අත දාගෙන හිටියත් කැලණිය පැත්තේ වීර මන්තිරිතුමාගෙ කනට මේ කතාව වැටුණු ගමන් යාළුකමත් අමතක වෙලා ෂේප් එකේම ඇද්දා කොක්කක්. කොහාට දැම්මත් තමන්ට ළඟපාත වත්තට නම් දාන්න එපා කියලලු එයා මේ බාල්දිය පෙරළන්න හැදුවේ. කොහොම හරි මේ කොක්ක ගැන ඉහළට ආරංචි වුණා. වීරෙට එන්න කියලා පක්ෂෙ ලොක්කා වහාම පණිවුඩයක් යැව්වලු. තමුන් තමන්ගෙ වැඩේ බලාගන්න එයා එයාගේ වැඩේ බලාගනියි කියන පණිවුඩේ බොහොම තදින්ම දුන්නා කියලයි ආරංචි. කතාව එළියට ගියේ නැති නිසා සංචාරක පුරේ මන්තිරිතුමාගෙ කරේ අත දාගෙන දැන් ආයෙත් වීරෙ හරි හරියට කතාවලු.

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30