2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

කකුල් දෙක දෙපැත්තෙ

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 554

අත පාටියෙ ඉඳලා එළියට බැහැපු 16 දෙනාගෙ කණ්ඩායමේ ඉතුරුවෙලා ඉන්න 15 දෙනාගෙන් එක්කෙනෙක් දෙන්නෙක් තවමත් කකුල් දෙක දෙපැත්තෙ තියාගෙනලු ඉන්නෙ...

මේ අය අතරින් උඩරටින් ආපු කටකාර උන්නැහේ කෙනෙක් පසුගියදා අත පාටියෙ සැන්ට්‍රල් කට්ටියට ලියුමක් ලියලා... ඒකෙන් කියල තිබුණෙ දැන් ඉන්න රටේ ලොකු මහත්තය ඊළඟ පාරත් මහ පුටු තරගෙට දමලා... හිටපු ලොතු තැන දෙවැනි පුටුවෙ වාඩිකරන්න ඕන කියලලු....

ඒ කතාව අහපු ඒ කණ්ඩායමේ ඉන්න එක්කෙනෙකුට දෙන්නෙකුට මල පැනල සිද්ධිය හිටපු ලොකු තැනටත් වාර්තා කරලා. ලියුම ලියපු උඩරට කටකාරයට මේ ගොල්ලො ලොකු බරබරයකුත් දාල කීවලු දෙපැත්ත කන්න හදන්න එපා කියලත්....

මේ හුටපටෙන් පස්සෙ උඩරට කටකාරය සසල වෙලා කකුල් පස්සට අරන්ද කොහෙද දැන් හිටපු ලොකු තැනගෙ මැඳුර පැත්තෙ වැඩිපුර ගැවසෙනවලු... එයාගෙ උත්සවයකටත් හිටපු ලොකු තැනට ආරාධනා කරල. ඩැමේජ් කන්ට්‍රෝල් කරන්නලු යන්නෙ....

ජාතික ලැයිස්තුවට උරැමකම් කියන මේ උඩරට ලොක්කට කාලෙකට ඉස්සර පාක්ෂිකයො කිව්වෙ ඡන්ද මැෂිම කියලයි. ඒත් අන්තිමේ තිබුණ ඡන්දෙදි ඡන්ද මැසිම කැඩිල උන්නැහේ ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙ සරණ ගිය පොරක්.

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00