2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

රූප රාජිණී කිරුළට සටනක්

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1207

හුඟක් ලස්සන දොස්තර නෝන කෙනෙක් ලෝක රූප රාජිණී තරගෙකට යන්න දැන් පුරුදු පුහුණු වෙමින් ඉන්නවය කියල තිරය පිටුපස රසවත් ආරංචියක් යනව.

වයස අවුරුදු 28න් ඉහළ අයට වෙන්වුණ මේ රූප රාජිණී තරගය තියෙන්නෙ බටහිර සුපිරි රටකය කියලයි තතු දත් අය කියන්නෙ.

මේ හැඩකාර දොස්තර නෝන දකුණු පළාතෙන් කොළඹට ඇවිල්ල දැන් කඩුවලට ප්‍රසිද්ධ  වෙලක් තියෙන පළාතෙලු ඉන්නෙ... සුපිරි රථවාහන සුපිරි නිවෙස් යනාදිය පරිහරණෙට වාසනාව ලැබුණ මේ නෝන රූප රාජිණී තරගෙට ඉදිරිපත් වෙන්නෙ බලවත් දේශපාලන හස්තයක උදව්වෙන් බවත් ආරංචියි.

දොස්තර තරුණිය රූප රාජිණී කරන්න දත කන මේ දේශපාලන භවත නියෝජනේ කරන්නෙ හුඟක් ඈත පළාතක්. ඒ වගේම එයාගෙ නම පසුගිය කාලෙ කියැවුණේ ලොකු පුටුවකටත් ඈඳිලයි.

කොහොම හරි බොහෝම නිර්මල සිතුවිලි ඇතිව රූප රාජිණී තරගෙට ඉදිරිපත් වෙන්න යන දොස්තර නෝනට මෙතෙන්දි පොඩි චාන්ස් එකක් වැදුණොත් රෝසි නෝනට පස්සෙ අපේ රටට ආයෙමත් රූප රාජිණී කප් එකක් ලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් කාටද ආඩම්බර... අරයට තමයි ආඩම්බර...

 

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00