2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ක්‍රිකට් දේශපාලනේ

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 395

ක්‍රිකට් දේශපාලනේ නැගලම යනව... මේකෙ ඇලිල ගැලිල ඉන්න සමහර දේශපාලන භවතුන්ගෙ බලතල නැති කළත් ක්‍රිකට්වලට ඈදිලා තියෙන එයාලගෙ අඬුපඬු ගලවන්න හරිම අමාරුලු. මේ කතාව මතක් කළේ ක්‍රිකට් දේශපාලනේ ගැන අහන්න ලැබුණ අපූරු කතාවක් නිසයි...

ක්‍රිකට්වලට පූට්ටුවෙලා ඉඳල දැන් ටිකකට පැත්තකට වෙලා ඉන්න එක්තරා පාලකයෙක් ඉන්නව. උන්නැහේට දැන් බලය නැතත් වැඩ කරන්නෙ බලය ඇති ගාණටය කියල දියවන්නා කවුන්සිලේ ලොබියෙ එක කතාවයි...

පොහොට්ටුවෙ කස්ටිය - ආණ්ඩුවෙ කස්ටිය එකතුවුණ පොඩි හමුවකදි මේ බලධාරින් ගැන කියැවුණ තොරතුරකින් වාර්තා වුණේ පසුගියදාක ගාල්ලෙ තිබුණු ටෙස්ට් මැච් එකට කලින් අපේ කණ්ඩායමට තමන්ට ඕන මිනිස්සු දාන්න මෙයා ෆුල් ට්‍රයි එකක් දුන්න බවයි... මෙයාල අකැමැති සුපිරි ක්‍රීඩකයො ගණනාවක් කණ්ඩායමට දාන්නෙ මොකටද කියල අදාළ බලධාරියාගෙන් මෙයා ප්‍රශ්න කළාලු. ඒත් අරය දාන්න - මෙයා අයින් කරන්න කියපු යෝජනා එකක්වත් අදාළ බලධාරීන් ගණන් ගත්තෙ නැතිලු... ඒ හින්ද හොඳ ටීම් එකක් දාලා මෙයාලගෙ කාලෙ පැරදිලා සවුත්තු වාර්තාවක් ඇතිව හිටපු ටෙස්ට් ටීම් එක ගාල්ලෙදි මහා ජයක් වාර්තා කළාලු...

ඒ කතාව දියවන්නා කවුන්සිල් ලොබියෙ රස කතාවක් බවට පත් කළේ දකුණෙන්ම ආපු ප්‍රබල දේශපාලන චරිතයක් විසින්...

 

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30