2018 ජුලි 28 වන සෙනසුරාදා

පක්ෂයකට ඉව ඇල්ලීම

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 486

16 දෙනාගෙ කණ්ඩායමේ ඉන්න බලයට හුඟක් ආසා කරන එක්කෙනෙක් දෙන්නෙක් අලුත් දේශපාලන ව්‍යාපෘතියකට ලෑස්තිවෙන බව කියැවෙනවා... ඒ නිසා දැනට අකර්මණ්‍යයව තියෙන එක්තරා දේශපාලන පක්ෂයක් සල්ලිවලට අරන් 16 දෙනාගෙන් කොටසක් ඒකට ඈඳගන්න පොඩි සැලැස්මක් එයාල දියත් කරලලු... මේකට මුල්වෙලා ඉන්නෙ 16 කණ්ඩායමේ ගාල්වෙච්ච... හුඟක් ඉහළ පුටුවලට ඉව අල්ලන කොළඹ දිසාවෙ කෙනෙක් කියලයි ආරංචිය යන්නෙ...

මේ කතාව ආණ්ඩුවෙ ඉහළ තැන්වලට වගේම හිටපු ලොකු තැනගෙ ළඟටත් ගිහිල්ලලු... මේ විදියට එයාල ගන්න යන්නෙ දැන් තානාපති පට්ටම් දරණ ඇමරිකාවෙ ඡන්ද ගැන මේ රටේදි සද්ද කරපු මහත්මයෙක්ගෙ පාටියක්ලු...

ඒක අරන් 16 කොටසත් එතෙන්ට සැට් කරගෙන පොහොට්ටුව එක්ක සන්ධානගතවීමලු මේකට සැරසෙන අයගෙ අරමුණ.

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30