2018 ජුලි 21 වන සෙනසුරාදා

උපදේශිකාවගේ අලුත් කන්තෝරුව

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 796

පසුගිය කාලයේ රටේ ඉහළම තැනක් එක්ක විදෙස් ගමනක් ගියැයි කියපු නිළි ආර්ථික උපදේශිකාව දැන් ඉන්නේ සියනෑවෙන් මනාප අරගෙන වයඹ පැත්ත බලන්න ඉන්න නියෝජ්‍ය මට්ටමේ කෙනෙක් ගාවලු. නියෝජ්‍ය පට්ටම එක්ක තියෙන අතීත මිත්‍රකමක් නිසාලු මේ රස්සාවක දීලා තියෙන්නෙත්.

ඇහැට කනට පේන්න ඉන්න දැක්ක ගමන් හිත ඇදිලා යන මේ නිළි උපදේශිකාව හින්දා නියෝජ්‍ය පට්ටමගේ කාර්යාලය හරිම කාර්යබහුලයිලු. ඇමැති පට්ටමටත් නැති වැඩලු එතන තියෙන්නේ. වැඩියෙන්ම වැඩ කරගන්න එන්නේ මැති ඇමැතිවරුලු. සමහර ඇමැති කස්ටිය දවසට දෙවතාවක් එන්න පුරුදු වෙලා කියලයි ආවේ.

එන හැමෝම උපදේශිකාව දැක්ක ගමන් “ආ නංගි කොහොමද?” කියලා අහන්න අමතක කරන්නෙත් නෑලු. එතන වැඩකරන ගොඩාක් අය කියන්නේ දැන් ලංකාවේ කාර්යබහුලම කාර්යාලය මේක වෙන්න ඇති කියල. කොහොමින් කොහොම හරි නියෝජ්‍ය පට්ටමක් දැන් අසරණ වෙලාලු ඉන්නෙ කරගත්ත දේගැන හිතලා.

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30