2018 ජුනි 16 වන සෙනසුරාදා

මනමේගේ පර්මිට් එක

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 463

සන්ධානයේ පක්ෂ නායකයෝ ටික පහුගිය දවසක රටේ මහ තැන හම්බවුණාලු. ඒ වෙලාවේ නැවත සන්ධානය හදන හැටි පක්ෂ නායකයෝ ටිකත් එක්ක කතා කළාලු. මහ තැන ඇහුවලු පක්ෂ නායකයන්ට තියෙන ප්‍රශ්න ටික මොනවද කියලා... එතකොට එතැන හිටිය පක්ෂ නායකයෙක් වෙච්ච මනමේ කුමාරයෙක් කඩුව අතට අරගෙන වනන්න ගත්තලු...

එයා කිව්වලු රජයේ වැලි ගොඩදාන මනම්පිටියේ තොටුපළෙන් වැලි අදින ලැයිසොම භූ විද්‍යා අංශයේ මහ පුටුව විසින් තහනම් කරලා කියල... මේ නිසා ආදායම බිංදුවයි කිව්වලු. භූ විද්‍යා මහ තැන එක්ක වැඩ කරන්න බැහැත් කිව්වලු. රටේ මහ තැන මේ ඔක්කොම අඳෝනා අහගෙන ඉඳල සන්ධානේ ලේකම් තැනට කිව්වලු මේ ගැන කතා කරල බලන්න කියල.... හැබැයි මහ තැන දන්නවලු ලැයිසොම නැති කරන්න හේතුව. ඒ මනමේ හාදයා ඒ ලැයිසොම යොදාගෙන අප්සෙට් වැඩ කීපයක් කරල තියෙනව කියල එයාට ආරංචි වෙලාලු තිබ්බෙ... 

කොහොම වුණත් සන්ධාන ලේකම් තැන භූ විද්‍යාවෙ මහ පුටුවට කතා කරල වැඩේ ෂේප් කරගන්න හැදුවත් භූ විද්‍යා මහ පුටුව අකමැති වුණාලු. තවමත් මනමේට වැලි ලැයිසොම නැතුව පුදුම දුකෙන්ලු ඉන්නෙ. තැන තැන රජයටත් ලොකු ලොක්කන්ටත් බැණ බැණ යනවලු...

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00