2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

නමවත් දන්නෙ නැතිලු

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 570

අපවත් වී වදාළ බෙල්ලන්විල නායක හාමුදුරුවන් වහන්සේගෙ ආදාහනේ ගැන තීන්දු ගන්න ඉහළ පෙළේ සභාවක් තිබ්බා.

මැති ඇමැතිවරු ප්‍රභූවරු මහා සංඝරත්නය වගේ බොහෝ දෙනෙක් මේ හමුවට එක්වෙලා හිටියෙ අපවත් වූ නායක හාමුදුරැවන්ට උපරිම ගෞරව දක්වන්න කියලයි.

මේ සභාවට රටේ ලොකුම කන්තෝරුවෙ ඉහළම මට්ටමේ ලේකම් සයිස් මහත්තයෙක් ඇවිත් හිටියෙ රටේ ලොකු මහත්තයගෙ පැත්ත නියෝජනේ කරන්නලු.

ඉතින් මෙතන තීන්දු ගන්න උන්නැහේගෙ අදහස් උදහස් ඕනැ නිසා සංවිධායකයො එයාට කතා කරන්න අවස්ථාවක් දුන්න කියමුකො...

උන්නැහේ කතාව පටන්ගත්තෙ අපවත් වී වදාළ අපේ බෙල්ලන්විල ධම්මරතන හාමුදුරුවෝ කියලලු. උන්නැහේ දිගටම ඒ නම කිය කියා කතාව කරගෙන ගියා. ඒක අහගෙන ඇත්තටම එතන හිටපු බෙල්ලන්විල විහාරාධිපති ධම්මරතන නායක හාමුදුරුවො ලොකු අපහසුතාවයකට පත්වෙලා ඉන්නකොට කවුද ප්‍රභූවරයෙක් කතා කරපු ලේකම් තැනගෙ කනට කොඳුරලා මොනවද ඔය කියන්නෙ ඔය ඉස්සරහ වැඩඉන්නෙ ධම්මරතන නායක හාමුදුරැවො තමයි කියලා පෙන්වා දුන්නලු...

ඊටපස්සෙ නායක හාමුදුරුවන්ගෙ නමවත් නොදැන මේ රුස්වීමට ආ ලේකම් තැන තුෂ්නිම්භූත වුණා කියලා ආරංචියි...

 

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00