2018 ජනවාරි 13 වන සෙනසුරාදා

බෝලර්ට ගහන්නෙ නැතුව බෝලෙට ගහනවකො

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 686

රටේ ලොකු මහත්තයටත් හිතවත් අත පාටියෙ රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් පොහොට්ටුවෙ කටකාර මන්තිරිතුමෙකුට කෝල් එකක් දුන්න.

මේ ඇමැති මහත්තයා ගම්පහ පැත්තෙන් පත්වුණ කෙනෙක්. පොහොට්ටු සගයා මහනුවර පළාතෙන් ආපු කෙනෙක්...

දුරකතන සාකච්ඡාව ගියේ බැඳුම්කර වංචාව ගැන දුන්න වාර්තාව සම්බන්ධවයි.

මචං අපි උඹලට හොඳට අත දිගඇරලා ගහන්න බෝලෙ දාලා දුන්නා... ඇමැති කිව්වා...

ඔව් ඔව්... කියලා ඒකට ප්‍රතිචාර දක්වපු පොහොට්ටු මන්තිරිතැන ඇමැතිතුමා මොකද්ද මේ කියන්න හදන්නෙ කියලා කල්පනාවෙන් අහන් හිටියා...

ඉතින් මචං මොනවද උඹල මේ කරන්නෙ... අච්චර ලස්සනට දාලා දුන්න බෝලෙට ගහන්නෙ නැතුව බෝලෙ එව්ව මිහිහටනේ දැන් උඹල ගහන්නෙ... ඕක නෙවෙයිනේ උඹල කරන්න ඕන කරන දේ හරියට කරපන්... කියපු රාජ්‍ය ඇමැතිතුමා වැඩිදුර විස්තර කතා කරන්න පස්සෙ දියවන්නාවෙදි හමුවෙමු කියලා ටෙලිෆෝන් එක තිබ්බලු.

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31