2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

කොන්දේසි සහිතයි

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 445

ඒකාබද්දෙ කස්ටිය කොළඹ මහ නගරෙ පුරපතිකමට සුදුස්සෙක් සොයන්න හුඟක් මහන්සි වෙනවලු.

සමහරු කිව්වෙ මේ තරගෙට හිටපු පුරපති කෙනෙක් දාන එක හොඳයි කියලයි.

ඔන්න ඒ පාර ගිය ආණ්ඩුවෙ නගර හැදිල්ල භාරව හිටපු ලොක්ක මේ තනතුරට කිහිපදෙනකුටම කතා කළා කියල ආරංචියි.

අලි පාටියෙන් තරගෙට එන “රෝස නෝනට” ගැලපෙන සටනක් දෙන්නයි හොඳ පොරක්ම තෝරන්න මෙච්චර මහන්සි ගන්නෙ. අන්තිමේ මේ කාරණය ගැන ඒකාබද්දෙ උදවිය මෑතක ඉඳලා පුරපති පුටුවෙන් බැහැලා ගිය කෙනෙක්ගෙන් උපදෙස් පැතුවලු. ඒ පාර “කාමිල්” උන්නැහේ දාන්න හොඳයි කියලා එයාගෙන් නිර්දේශයකුත් ලැබිල.

හැමදාම අලි පාටියෙ හිටපු “කාමිල්” තුමා යෝජනාවට සතුටු වුණත් තමන් සටනට බහින්නෙ අතයි - පොහොට්ටුවයි එක ගෙදරකට ගාල්වුණොත් විතරයි කියලා දන්වලලු.

ඒ නිසා දැන් නගරෙ අධිපති පුටුව භාරදෙන්න ඒකාබද්දෙ ලොක්කො දත කාගෙන වැඩලු.

 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30