2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

දේශපාලනේ තිත්තලු !

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 293

රටේ හිටපු නායිකාවගෙ පුතෙක් ඊළඟ ඡන්දෙදි දියවන්නා සටනට එන්නලු යන්නෙ... ලොකු පෙළපතකින් එන හිටපු නායිකාවගෙ තුන් වැනි පරපුරක් කරළියට ගේන්නයි මේ සැරසෙන්නෙ...

ඉතින් ඔය ආරංචිය ගියාම වතුකරේ ඉන්න පැරැණිම දේසපාලන පවුලේ “මෑන්” තුමා එයාගෙ පුත්‍රයත් කරළියට ගේන්න ට්‍රයි කරනව කියලා ආරංචියි...

“මෑන්” පෙළපතේ තුන්වැනි පරපුරට දියවන්නාවට එන්න වෙලාව හරිය කියල හිතපු උන්නැහේ එංගලන්තෙ ගිහිල්ල “ලෝ” පාස්කරපු පුත්‍රරත්නයට කරළියට එන්න කියලා දැන්නුවා...

ඒත් බලවත් දේසපාලන පුත්‍රයා තමන් නම් කවදාවත් දේසපාලන ග්‍රිස් ගහේ නගින්නෙ නැහැ කියලා කිව්වලු. ඒත් තාත්ත ඒ පිළිතුර පිළිගන්න සූදානම් නැති බවයි ආරංචි...

පුතාගෙ පවුලෙ යාළුවො මිත්‍රයො දාලා වහාම එයාම දේසපාලන රඟමඩලට ඇදගන්නයි “මෑන්” තුමා සැරසෙන්නෙ. ඒත් පුතා කැත්තට පොල්ල වගේ විරෝධය පළකරන නිසා උන්නැහේ හරි අප්සෙට්ලු... තමන්ගෙත් පස්සෙ කඳුකර උරැමය භාර දෙන්න එයි නාවොත් කරන්නෙ මොකද කියලා හිත හිත උන්නැහේ විස්සෝප වෙනවා කියලා ආරංචියි.

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00