2017 මැයි 13 වන සෙනසුරාදා

නිශාචර වැඩක්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 337

රෑට නින්ද නොයන දේසපාලන ලොක්කෙක් ඉන්නවලු... අපි දන්න විදියට උන්නැහේ කොළඹ දිස්තිරික්කය නියෝජනය කරන ලොකු චරිතයක්. ඇමැති සයිස් කිව්වොත් වඩාත් නිවැරදියි.
මොනතරම් ට්‍රයිකලත් එයාට නිදාගන්න බැරිනිසා උන්නැහේ හුඟක් දවස්වල අලුයම් කාලෙ වෙනකම්ම ඉන්නෙ අවදියෙන්ලු...

මෙයාට මේ තියන පුරැද්ද තමන්ට වාතයක් වුණාට ඒකත් දේසපාලන පැත්තෙන් ප්‍රයෝජනේට ගන්න පුළුවන් බව ටික දවසකින් උන්නැහේට තේරිලා...

ඊට පස්සෙ උන්නැහේ රූටත් යම් යම් රාජකාරි පටන් අරන් තියනව. ඒ අනුව තමන්ගෙ අමාත්‍යංශයට අයිති කන්තෝරුවල රාත්තිරි සේවා මුර චෙක් කරන්නය කියල තවත් නිලධාරි දෙතුන් දෙනෙක් එක්ක කඩාපනින එකයි එයා කරන්නෙ...

ඇත්තටම ඒක උන්නැහේ කරන්නෙ තමන්ට නින්ද යන්නෙ නැති නිසා වුණත් මේ කඩාපැනීම නිසා උන්නැහේ රෑටත් තමන්ගෙ අමාත්‍යංශෙ සේවයට කැපවෙලා වැඩකරන මාර දේසපාලන පොරක් හැටියට සමහරු හඳුන්වනව... හැබැයි මේ ගැන ඇත්ත කතාව දන්න කස්ටියට නම් ඒක තරමක විහිළුවක්ලු...

මේ කතාව පහුගියදාක අලි පාටියෙ ඉහළම මණ්ඩලේක ඉන්න ජ්‍යෙෂ්ඨයො දෙතුන් දෙනෙක් කිය කිය රසවින්ද කතාවක්.

 

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00