2021 ජනවාරි 16 වන සෙනසුරාදා

හතර මායිම තහනම්

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 707

ආණ්ඩුවෙ දෙවැනි මහත්තයගෙ නම කිය කියා නොයෙක් බිස්නස් කරපු කෙනකුට එකපාරටම අරලියගහ වලව්වෙ හතර මායිම පැනීම තහනම් කරලලු...

කතා-බස් නිසා කම්-බස් වෙච්ච පොරක් වන මෙයාලගෙ ව්‍යාපාරෙ මගින් රට පුරා විකුණන දේක ගණන් මිනුම් එහෙ මෙහෙ කර ගන්න ගිහිල්ලයි මේ තැනැත්තා අවුල ඇතිකරගෙන තිබෙන්නෙ.

අවුරුද්ද අන්තිමේදි හැමදාම මිල ගණන් ඉහළ දාන දෙයක්ලු එයාල විකුණන්නෙ. මේ පාර ඒකෙන් ලොකුම ලොකු ලාභයක් ගන්න හිතාගෙන හතර අතේ ණය වෙලා ලොකු බඩු තොගයක් ගත්තලු.

එහෙම අරගෙන ආණ්ඩුවෙම නිල බලල ඒකෙ ගණන සුපුරුදු ලෙස උස්සගන්න හැදුවත් කාරණා කාරණා දැනගත්ත ඉහළ තැන්වල අය මේ වැඩේ කළේ නැහැල්ලු.. ඒ නිසා වැඩේ කම්-බස් වුණාම එයාගෙ (මුදිතා) ගුණයත් නැතිවෙලා ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ට කරපු උදව් පදව් මතක් කරල හතර අතේ නෙලන්න පටන් ගත්තලු...

මේ කතාවල් අහපු ලොකු මට්ටමේ කෙනෙක් ඒක තමන්ගෙ දුරකතනයෙන් පටිගත කරල ඉහළට දුන්නලු.. ඊට පස්සෙලු මෙයාට ආණ්ඩුවෙ දොර වැහුණෙ.

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00