2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

එන්න නම් එපෝ

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 717

මේක හැඩකාර මන්ත්‍රී නෝන කෙනෙකුත් කටකාර ඇමැති සයිස් මහත්තයෙකුත් ගැන කතාවක්. දෙන්නම ඉන්නෙ දියවන්නා කවුන්සිලේ...

හැඩකාර මන්ත්‍රී නෝනා දකුණෙ ආසනයක් නියෝජනය කරන බොහොම ජනප්‍රිය කලාවටත් සම්බන්ධ කෙනෙක්ලු...

තරුණ ඇමැතිතුමාත් කලාවට බර පොරක්. බොහොම දයාබරයි. සින්දු කියන්න වගේම නටන්නත් හරි දක්ෂයි. දියවන්නාවට පත්වුණේ වයඹ පළාතෙන්...

තමන්ගෙ ඇමැති විෂයත් කලාවකට සම්බන්ධ නිසා මේ දවස්වල උන්නැහේ අඳින්නෙත් කලා ඇඳුම් පැළඳුම්.... හැබැයි මේ දැන් තියෙන වසංගත රෝග තත්ත්වය ඇමැතිතුමාගෙ කාර්ය මණ්ඩලේ කෙනෙකුටත් බලපාල. නමුත් ඇමැතිතුමා ඒවයින් බේරිලා සුවෙන් ඉන්නවා.

ඒ වුණාට දියවන්නාවේ කස්ටිය අතරෙ මුන්නැහේගෙ කන්තෝරුවෙ කෙනකුට ලෙඩේ හැදුණය කියන කතාව ප්‍රචාරය වෙලා තිබ්බ. මේ අල්ල පනල්ලෙ කවුන්සිලේ රැස්වීමකුත් කැඳවල තිබුණ... ඔන්න එදා සුපුරුදු විදියට කලා ඇඳුමින් සැරසුණු ඇමැතිතුමාත් ඇවිල්ල හිටිය. ඒත් වැඩිය මැති ඇමැති කස්ටිය පැමිණිලා තිබුණෙත් නැහැ.

එදා උන්නැහේ ලොබියට ඇවිල්ල වටපිට බලනකොට අපේ දකුණේ මන්ත්‍රීතුමිය එතැන ඉන්නව දැක්ක... එයා දැක්ක විතරයි ඇමැතිතුමා “ආ... අක්කෙ...” කියාගෙන අත්දෙකත් දිගු කරගෙන ඇමැතිතුමා එයා ළඟට ගියේ සුහදතාව පළකරන්න...
ඒත් ඇමැතිතුමා එනව දැක්ක විතරයි මේ සුරූපී ඇමැතිනිය “අනේ.... අපෝයි.... මෙහාට නම් එන්න එපෝ....” කියාගෙන එතැනින් පැනල දිව්වලු....

එතුමියට සුහදතාව පළකරන්න ආපු ඇමැතිතුමා ගල්ගැහිල බලන් හිටිය මොකද අප්පේ වුණේ කියල... ඒත් ටික වෙලාවකින් උන්නැහේටත් කාරණාව තේරුණා... ඒ පාර එයා සද්ද නොකර යන්න ගියාලු.

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00