2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

ටේලර්

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 654

ආණ්ඩුවේ කතා සාප්පුවේ මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන්නේ 20 ගැනයි... 20 හොඳ නරක 20 හැදුව හැටි, 20 හැදුවේ කවුද?, 20 සම්මත කර ගැනීම වගේ දේවල් ගැන හැමතැනම කතාවෙනවා...

ඔය කතා යන අතරේ 20ට ඇත්තටම දියවන්නා කවුන්සිලේදි වගකියන්න ඕන දේශපාලන ලොක්කො සහ ආණ්ඩුවෙම මැති ඇමැති කස්ටිය අතරේ දියවන්නාව පැත්තෙදි පොඩි සුහද කතාබහක් ඇතිවුණාලු.

ඉතින් මෙතනදි 20ට වග කියන ලොක්කගෙන් මැති ඇමැතිලා ඇහුවේ ඇයි මේ විදිහට 20 හැදුවේ කියලයි. ඉතින් ඒකට උන්නැහේට දෙන්න හරිහමන් උත්තරයක් තිබිලා නැහැ. ඒ ගැන එයා දීපු උත්තරේ තිබුණේ මේකෙ සැරසිලි දාන්න හේතු වුණ කාරණා විතරයි.

ඒ කතාවට සවන් දීපු ආණ්ඩුවේ මැති ඇමැතිගොල්ල නැවතත් අර මුල් ප්‍රශ්නයම මතු කළා. “ඇත්තටම බොස් කවුද මේක හැදුවේ? ඔයාද?” සෘජුවම ප්‍රශ්නය නැගුවා.

“අපොයි නැහැ” කියූ උන්නැහේ නැවතත් මෙහෙම කිව්වා...

“මම මේකෙ ටේලර් විතරයි. මම තමයි මැෂිමන්ට් ගත්තේ. ඊටපස්සේ ඇඳුම මැහුවේ වෙන අය.” එයා කිව්වා.

“හොඳයි එතකොට කවුද මේ ඇඳුම මහන්න ඕඩරේ ටේලර්ට භාරදුන්නේ?” ආයෙමත් මැති ඇමැතිලා ප්‍රශ්න කළා... ඒ ප්‍රශ්නය ඇහුවම විෂය භාර ලොක්කට හිනාගියා. හිනා වෙවී “අපි ඒ ගැන පස්සෙ කතා කරමු” කියලා උන්නැහේ යන්න ගියා.

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00