2017 අප්‍රේල් 07 වන සිකුරාදා

වෙන්වෙන්න ලෑස්තියි

 2017 අප්‍රේල් 07 වන සිකුරාදා, පෙ.ව. 06:00 442

මේ දවස්වල වැඩිපුර දියවන්නා කවුන්සිලේ පැත්තෙ නොඑන පුටු පාටියෙ ජ්‍යෙෂ්ඨතම ඇමැති මහත්තයෙක් ඉන්නවා. උන්නැහේ කොච්චර ජ්‍යෙෂ්ඨද කියනව නම් කලක් රටේ දෙවැනි පුටුවත් බලාගෙන හිටපු ඌවෙ දේශපාලනයට සම්බන්ධ නිර්මල කෙනෙක්ලු.

ඊයෙ පෙරේදා උන්නැහේ කාලෙකට පස්සෙ දියවන්නාව පැත්තෙ ආවා. ඇවිල්ලා සෙමින් සෙමින් විපරම් ගමනින් ඇවිදගෙන යනකොට තමන්ගෙ පළාතෙන්ම ආපු අලි පාටියෙ ඇමැති කෙනෙක් හම්බවුණා. ඔන්න දෙන්න කතාවට වැටුණ.

“සහෝදරය දෙගොල්ල අතරෙ හැමතැනම රණ්ඩු මොකද මේ වෙන්නෙ” පුටු පාටියෙ ජ්‍යෙෂ්ඨය ඇහුව. “අපේ ආණ්ඩුවෙ අපිට වැඩක් කරගන්න බැහැ. ඒකනේ ආරවුල අලිපාටියෙ ඇමැති කිව්වා.

“මේක මෙහෙම යන්න බැහැ. මම අද හෙටම අපේ පක්ෂයෙ ලොකු මහත්තය හම්බුවෙනව. හම්බුවෙලා කියනව මේ ගමන යන්න බැහැ. අපි ආණ්ඩුවෙන් වෙන් වෙන්ඩ ඕන කියලා...” පුටු පාටියෙ ඇමැති ආයිම කිව්වා. “ඒක හොඳයි අපිටත් දැන් ඕන තනියම යන්න. ඔබතුමා ඉක්මනට ඕක ලොකු මහත්තයට කියන්න. එතකොට වැඩේ දෙකෙන් එකක් වේවිනේ” කියූ අලි පාටියෙ මද්දුම ඇමැති සභා රුස්වීම දිහාට කඩිනමින් ගියා.

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00